දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ තුනක් හා උතුරු මහ ඇමති සී.වී විග්නේෂ්වරන් අතර හටගෙන ඇති මතභේදය උග‍්‍ර වී තිබේ.
උතුරේ ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම දෙපාර්ශ්වය වේදිකාවෙන් වේදිකාවට එකිනෙකාට බැණ ගැනීම නිසා ගැටුම තවදුරටත් දරුණු වී ඇති බවය.
විග්නේෂ්වරන් විසින් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති රුස්වීමකදී කලක් සන්නද්ධව සිටි දේශපාලන පක්ෂවල නියෝජිතයන් සමග තමන්ට වැඩ කළ නොහැකි බවට චෝදනා කිරීම නිසා මෙම ගැටුම හටගෙන තිබිණි.
ටෙලෝ,ප්ලොට්,ඊ.පී.ආර්.එල්.එෆ් යන පක්ෂවල මන්ත‍්‍රීවරු විග්නේෂ්වරන්ට දැඩි විරෝධය පළ කර තිබිණි.
ඉන් පසුවච පුලියන්කුලම ප‍්‍රදේශයේ පැවති ජංගම සේවාවකදී මහ ඇමති විග්නේශ්වරන් ප‍්‍රකාශ කර ඇත්තේ තමන් රාජකාරී කටයුතු කළ උසාවියටද ගිනි තැබුවේ මෙම සන්නද්ධ කණ්ඩායම් බවය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment