BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, October 16, 2014

සවුදියේ ශ්‍රී ලාංකිකයන් වහා ගෙන්වනු....

                                     රාවණා බලය විදේශ සේවා කාර්යාංශයට කඩා වදී

"රාවණා බලය" සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමිපාණන් ඇතුළු නියෝජිත පිරිසක්‌  (16 දා) විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර හමුවූ අවස්‌ථාවේදී උණුසුම්කාරී තත්ත්වයක්‌ හටගත් අයුරු.
සවුදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් වහාම මෙරටට ගෙන්වා ගන්නා ලෙස බල කරමින් රාවණා බලය සංවිධානයේ භික්‌ෂූන් වහන්සේලා පිරිසක්‌ ඊයේ (16 වැනිදා) පෙරවරුවේ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට කඩා වැදී එහි සභාපතිවරයාට බැණ වදිමින් තර්ජනය කර තිබේ.

කිසිදු දැනුම් දීමකින් තොරව රාවණා බලයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමි ඇතුළු භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ මෙලෙස විදේශ සේවා කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාරගේ කාමරයට කඩා වැදුණු බව කාර්යාංශ ප්‍රකාශකයෙක්‌  පැවසීය.

සභාපතිවරයාට කරුණු පැහැදිලි කිරීමටවත් ඉඩ නොදී මෙම භික්‍ෂු පිරිස දැනට සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගන්නා ලෙසට බල කරමින් හැසිරුණු බවද එම ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේය.

රැකියා ගිවිසුම්වලට අනුව සෞදි අරාබියට ගොස්‌ සිටින ශ්‍රමිකයන්ව හිටිහැටියේ මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි බවටත් මෙරටට වැඩිම විදේශ විනිමය ලැබෙන ක්‍ෂේත්‍රය විදේශ රැකියා බවටත් සභාපතිවරයා අවසානයේදී භික්‍ෂූන් වහන්සේලාට කරුණු පහදා දී තිබේ.

දැනට ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියාවලට යන කාන්තාවන්ගේ ප්‍රමාණය අඩුකර පුහුණු ශ්‍රමිකයන් ලෙස තරුණයන් විදේශගත කිරීම රජයේ ප්‍රතිපත්තිය බවත් රාවණා බලය හෝ වෙනත් කිසිවකුගේ වුවමනාව මත දැනට රැකියාවල නියුක්‌ත පිරිස්‌ කඩිමුඩියේ මෙරටට ගෙන්වා ගැනීමට සූදානම් නැති බවත් හෙතෙම ප්‍රකාශ කර ඇත.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger