BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, October 28, 2014

සිනමා අඹරේ නොමියෙන පහන් තාරකාවිය රුක්මණි දේවිය..


රුක්මණී දේවිය මිය ගොස් ඔක්තෝබර් 28 වැනි දිනට තිස්හය වසරක් ගෙවී ගියද .., ඇය අපගේ පැරණිතම චිත්‍රපට නිළිය වුවත්..,  අපට හැඟෙන්නේ ඇය අපගේ අලුත්ම නිළිය බවය.

   
 ඇය ජනප්‍රිය සංස්කෘතියට අයත් කලාකාරියකි. ප්‍රථම සිංහල චිත්‍රපට නිළිය මෙන්ම සිංහල සිනමාවේ අග්‍රගනය නිළියද, සිංහල සංගීතයේ අග්‍රගනය්‍ය ගායිකාවද ඇයමය. ශාන්ත මැතීවී විදුහලේදී විවිධ ප්‍රසංග සඳහා රුක්මණී දේවි සහභාගි වුවාය.
ප්‍රසිද්ධියේ කලාවට අවතීර්ණ වුයේ වේදිකා නාට්‍ය නිළියක ලෙස වෝල්ටර් අබේසිංහයන්ගේ ‘රාමාණය නාට්‍යයේ සීතාගේ භූමිකාවෙනි. වේදිකා නාට්‍යයට එළඕයේ නුර්තිය පිරිහෙන කාලයේය. ගායනයට පිවිසියේ 1906 න් ඇරඕ ග්‍රැමෆෝන් යුගයේ ය. පාසල් ගුරුවරියකව සිට සුප්‍රකට නෘත්‍යාංගනාවක වු චන්ද්‍රලේඛා ඇගේ කලා ලොව පෙරගමන්කාරිය විය.
නාට්‍ය කිහිපයක රඟපා ජනප්‍රියත්වයට පත්වු ඇය මිනර්වා නාට්‍ය සංගමයට බැඳුනාය. රුක්මණී වඩා ප්‍රිය කළේ ගීතයයි. එනිසාම ඇය එම සංගමයේ නිපද වු නාට්‍යවල අතිරේක ගායිකාවක ලෙසද ( අවතාරය නාට්‍යය ) ‘ කඩවුණු පොරොන්දුව‘ නාට්‍යෙයේ රංජනීගේ චරිතයට පණ පෙවීමෙන් රඟපෑමද ආරමිභ කළාය.
එකල නිළියක වීම පිළිබඳ සාමාන්‍ය ජනයා අප්‍රසාදය පළ කළහ. එය පහත් ලෙස හංවඩු ගැසී තිබුණි. මුල් කාලයේ වේදිකා නාට්‍ය රඟපෑවත් ඇය එතරම් ජනප්‍රය නොවුවාය. ඇගේ ගීතවල ක්‍රිස්තියානි ආභාසය තිබුණි. එමෙන්ම ඇය 1939 කාලයේදී ගුවන් විදුලි සංගිත වැඩසටහන් වලට සහභාගි වුවාය. ඇය ගැයූ ප්‍රථම ග්‍රැමෆෝන් ගීතය ‘සිරි බුද්ධගයා විහාරේ‘ ගීතයයි. ඇය ගීත, චිත්‍රපට, වේදිකා නාට්‍ය බොහොමයකටම දායක වී ඇති. විචාරකයන් ඇය ‘මෙලඩි ක්වීන්‘ ලෙස  හැඳින්වුයේ ඇගේ ගීත නිසාමය.
නමුත් ඇය අනෙක් සංගීඥයන් මෙන් සංගිතය ඉගෙන නොතිබිණි. ඇය මෙරට ප්‍රදර්ශිත ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටයේ, එනම් ‘කඩවුණු පොරොන්දුව‘ චිත්‍රපටයේ රංජනීගේ චරිතය රඟපෑවාය. මුලින්ම ප්‍රේක්ෂක ගර්භාවට ලක්වන චරිත රඟපෑ නමුත් (කඩවුණු පොරොන්දුව) පසුව ප්‍රේක්ෂක අනුකම්පාව දිනාගත හැකි චරිත රඟපෑවාය. (දෛවයෝගය). ඇයට බටහිර සංගිතයට මෙන්ම ඉන්දීය රාගධාරී සංගිතයට අනුවද ගීත ගායනා කළ හැකි විය. ඇය ලංකාවේ එකල සිටි හොඳම පොප් ගායිකාව වුවාය. 1947 ගුවන් විදුලි ශ්‍රවණ පර්යේෂණයකදී ඇය ජනප්‍රිය ගායන ශිල්පින් අතර 2 වන ස්ථානයට පත්විය. ඇය පොඳුජන කලාකාරීයකි.1978. 10. 28 වන දින මේ ශ්‍රේෂ්ඨ කලාකාරිය හදිසි අනතුරකින් මිය ගියාය.




සම්මාන
දිනමිණ හා දීපශිඛා සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම්මාන ලද්දේ 1955 දීය.
කලා සිනමා පුවත්පතේ අනුග්‍රහයේ පැවති කලා චිත්‍රපට තාරකාවන් තේරීමේ තරඟයෙන් ඇය දක්ෂතම නිළිය වුවාය.
ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට
කඩවුණු පොරොන්දුව ( රංජනීගේ චරිතය)
කපටි ආරක්ෂකයා ( මල්ලිකාගේ චරිතය)
වැරදුණු කුරුමාණම ( ස්වර්ණාගේ චරිතය)
පෙරළෙන ඉරණම (සුවිනීතාගේ චරිතය)
හදිසි විනිශ්චය ( කාන්තිගේ චරිතය)
සැඟවුණු පිළිතුර ( කුසුමලතාගේ චරිතය)
උමතු විශ්වාසය (ද්විත්ව චරිත)
කැළැ හඳ ( මාලිනීගේ චරිතය)
සිරියලතා ( ඇග්නස් හෙවත් ගුස්තිනා හෙවත් ශ්‍රියාලතා)
දෛවයෝගය (ශීලා දස්කොන්, පෙමිලා බිසව)
නළඟන (ප්‍රේමා)
සැමියා බිරිඳගේ දෙවියාය ( චන්ද්‍රා)
ඉහත ආත්මය (එමලි)
දෙවියනි ඔබ කොහිද? (මරියා)
රඟපෑ වේදිකා නාට්‍ය
වෝල්ටර් අබේසිංහයන්ගේ - රාමායණය
චාල්ස් ඩයස්ගේ - මායාවතී
ඩික් ඩයස්ගේ - ජානකීහරණය
පී.පී.ආටිගලගේ- රෝහිණී
ලූමන් රාජපක්ෂගේ - රාජද්‍රෝහියා
සී.ඒ.ෆොන්සේකාගේ - කීකරු බිරිඳ
විලාෆ්‍රඩ් පීරිස්ගේ-රංගල අප්පු
ධම්ම ජාගොඩගේ - වෙස්මුහුණු
එසේම ඔතෙලෝ,වෙස්සන්තර,ඔන්න බබෝ ඇතින්නියා,සිවම්මා ධනපාල යන නාට්‍ය වලද රඟපා ඇත.
සාහභාගි වූ මිනර්වා නාට්‍ය
අවතාරය (ගායනයෙන් පමණි)
කඩවුණු පොරොන්දුව ( රංජනීගේ චරිතය)
පෙරැළෙන ඉරණම (සුවිනීතාගේ චරිතය)
උමතු විශ්වාසය (සුසිලාගේ චරිතය)
කපටි ආරක්ෂකයා (මල්ලිකාගේ චරිතය)
හදිසි විනිශ්චය ( කාන්තිගේ චරිතය)
වැරදුණු කුරුමාණම ( ස්වර්ණාගේ චරිතය)
ඇය විසින් ගයන ලද විරිඳු ගීත
ලොවේ දසත පුජිත - ගරු සිංහල ජාතියෙ උපන්න
ගායනා කරන ලද ද්‍රවිඩ ගීත - ‘සැඟවුණු පිළිතුර‘ චිත්‍රපටයේ ද්‍රවිඩ පිටපත වන ‘කුසුමලතා‘ හි ද්‍රවිඩ ගීත ඈ ගැයුවාය.
 රංගනයෙන් තිරයේ දෙව්දුව වී, ගායනයෙන් ගීත කෝකිලාවිය වී, රිදී තිරයෙත්, වේදිකාවෙත්, රසික හදවත් තුළ ලැගුම්ගත්, මෑත යුගයේ අසහාය කලාකාරිය රුක්‌මණී දේවිය එදා මෙදා රසික පරපුර කඳුළින් පිරි දෙසවන් ඉදිරියේ සිත් රිදුම් දෙන බොඳ සිතුවමක්‌ මවා මායාවක්‌ මෙන්, අප අතරින් සදහටම වෙන් වී අදට වසර 34 කි. සීතල නුවරඑළියේ කඳුකරේ රම්බොඩ නම් ග්‍රාමයේ 1923 සීතල දුරුතු මස 15 දින ජන්මය ලද ඩේසි ඩැනියෙල් නම් වූ දැරිය ගැහැනු දරුවන් පස්‌ දෙනෙකු හා එකම පිරිමි දරුවකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවාය. අක්‌කා මේබල්, ඊළඟට එකම සොයුරු පෙඩ්රික්‌, නංගී ප්ලොරන්ස්‌, පස්‌වැන්නා හෙලන්, අත බාලයා සරෝජනීය. පවුලට කැන්දූ සිරිදුවගේ රුව ඒ පරපුරට නව යුගයක්‌ උදාකරමින් මවුපිය දෙදෙනාට ලද සම්පතකි. පියා ඡේ. ඩී. ඩැනියෙල්ස්‌ ය. ඒ කාලයේ ඔහු වත්තක රැකියාවක්‌ කළේය. මව හෙලන් රෝස්‌ ඩැනියෙල්ස්‌ය. ඇය ගුරුවරියකි. මෙම දම්පතීන්ගේ දෙවැනි දියණිය පවුලම දිදුලවන ලස්‌සන මිණිපහනක්‌ වූවාය. බාලේ පටන් ගීතයට හද බැඳුණි. "ට්‌වින්කල් ට්‌වින්කල් ලිට්‌ල් ස්‌ටාර්" "දිලෙන් දිලෙන් පුංචි තරු" නමැති ඉංග්‍රීසි කවිය කී හැටි, පාසලේදී ඉගෙන ගත් ඉංග්‍රීසි ගීත, කවි හා පල්ලියේදී කියන ලද ගීතත්, කට පාඩම් කරගැනීමට පුරුදු වී සිටියාය. ලක්‍ෂ්මී බායි, සුසිලා ජයසිංහ ආදී එවකට ජනප්‍රියව සිටි ගායක ගායිකාවන් ගැයූ "විජිත සුන්දර පුෂ්ප උයනේ" මහමුනි ශ්‍රී පාද තැබූ ලංකා දීපේ" " එන්න පායා" ආදී ගීත මහත් රුචියකින් ගැයූ ඇය තුළ ලක්‍ෂ්මී බායි, සුසිලා ජයසිංහ සහ රෙජිනා ඇනී බොතේජු වැනි සුප්‍රකට ගායිකාවක්‌ වීමට ඇත්නම්, කියා දිවා රෑ සිහින මැව්වාය.

ඇයගේ පියා සංගීතය ප්‍රිය කළ කෙනෙකි. ඇයට මිහිරි හඬින් ගී කීමට පුළුවන් බව මුලින්ම දුටු තැනැත්තා පියාය. ගායිකාවක්‌ වශයෙන් රටට හඳුන්වා දීමට මුලින්ම අදහස්‌ කළ තැනැත්තා දයාබර පියාය. රම්බොඩ හැර දමා පසුකලෙක මොරටුවේ පදිංචියට පැමිණ වැඩිදුර අධ්‍යාපනය සඳහා වේල්ස්‌ කුමරි නම් බාලිකා විදුහලට ඇතුළත් කෙරුණි. එතැනින් සිප්සතර හදාරා දෙවැනි වරට වැල්ලවත්තේ සෙන්ට්‌ ක්‌ලෙයාර්ස්‌ විදුහලට ඇතුළත් කෙරුණි. ඇයගේ මවද එහි ගුරුවරියක වූවාය. ඉන්පසු දෙමටගොඩ සෙන්ට්‌ මැතිව් විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී විවිධ ප්‍රසංගවල රඟපෑමට අවස්‌ථාව ලැබුණි. එවිට ඇයගේ වයස අවුරුදු 12 කි. එහිදී දෙව් දූතයෝ යන නාට්‍යයේ රගපා දස්‌කම් දැක්‌ වූ තැන චන්ද්‍රලේඛා හා සී. ඒ. පෙරේරා ගුරුතුමියන් යටතේ හොඳ හැටි පුහුණුව ලැබුවාය.

එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්‌ටර් ඇය සමග 1939 වසරේදී "සිරි බුද්ධගයා විහාරේ" නම් ගීතය පළමුවරට ග්‍රැමපෝන් තැටියකට ගායනා, කරන ලදී. එවිට ඇයගේ වයස අවුරුදු 13 කි. රූපසිංහ මාස්‌ටර් ඇය ගී ලොවට ගත් පසු "ඩේසි" නාමය ඇයගෙන් ඉවත් කොට රුක්‌මණී දේවි යෑයි නම තැබුවේය. රූපසිංහ මාස්‌ටර් සමගින් බොදු ගී ගායනා කරන ලද අතර, කාර්ගිල්ස්‌ සමාගමේ ගේබ්‍රියෙල් ගුණරත්න මහතාගෙන් "එච්. එම්. වී. තැටිවලට ගීත ගායනයට ඇරයුම් ලැබුණි. "සිරි බුද්ධගයා විහාරේ" එහි තාලය හා සංගීතය සූකිරි කන්දක්‌ මැදින් ගලායන මී පැණි ගංගාවක්‌ මෙන් රසවත් ලෙස සංකලනය විය. එය ඇසෙන සැම විටම ආගමික හැඟêමෙන් සහෘදයන්ගේ සිත් කිලිපොලා යයි.

එදා රාමායනයෙන් වේදිකාවට පිවිස 1939 දී ඇයගේ ප්‍රථම රංගනය ඉදිරිපත් කළාය. ඉන් පසු බද්දේගම රතනසාර විද්‍යාලයේ ගුරුවරුන් හා ළමුන් සමග එක්‌ වී ජී. පී. පී. ආටිගල මහතාගේ රෝහිණී" දෘශ්‍ය කාව්‍ය නාටකයේ රඟ පෑවාය. ටී. ඩී. තාඹුගල සහ ඒ. එන්. ද සිල්වා මහත්වරුන් "මායාවතී නාටකයේ රඟපෑවේ එවකට ප්‍රවීන ගායකයකු වූ සූරියසං කර් මොල්ලිගොඩ මහතා සමගයි. ලුමන් රාජපක්‍ෂ මහතාගේ "රාජ දෝහියා" නාටකයේ ස්‌ටැන්ලි මල්ලවආරච්චි සමග රඟපෑවාය මොරටුවේ රඟදැක්‌වු "රංගල අප්පු නාටකයේ මුලසිටම අග දක්‌වා විකට චරිතයක්‌ එඩී. ජයමාන්න සමගින් මුල්වරට රඟ පෑවාය. " සිස්‌ ඩයස්‌ මහතාගේ "ජානකී හරණයේ ජානකී "කීකරු බිරිඳ නාටකයේ කීකරු බිරිඳ ඇය විය. විශාඛා විදුහලේ "සිරිසඟබෝ" කතාවේ රාජ දේවිය විය. මේ අතර තුර රුක්‌මණි සමග නාට්‍යවල රඟපෑමෙන් හඳුනාගත් ස්‌ටැන්ලි මල්ලවආරච්චිගේ මාර්ගයෙන් එඩී. ජයමාන්නත් මිනර්වා නාට්‍ය කණ්‌ඩායමත් හඳුනා ගන්නට ලැබිණ.

එදා කඩවුණු පොරොන්දුව, සතර දිසාවේ අටසිය වාරයක්‌ වේදිකාගත වී ඉමහත් ජනාදරයට පත් වූ නාට්‍යයකි. මේ අතරතුර ඉන්දියාවෙන් පැමිණි. එස්‌. එම්. නායගම් මහතා කඩවුණු පොරොන්දුව නාට්‍යය නරඹා තිරයට නැගිමට අදහස්‌ කොට බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහතා සමග කතිකා කර, ගිවිසුම් අත්සන් කොට 1946 දී ඉන්දියාවට ගොස්‌ චිත්‍රපටයට නැංවීය. 1947 ජනවාරි 21 දා කොළඹ කිංස්‌ලි සිනමා හලේදී මුල් දර්ශනය තිරගත විය. මුල් චරිතය වූ රාජනීගේ චරිතය රුක්‌මණී දේවි රඟපෑවාය. (සන්ධ්‍යාවේ ශ්‍රීය රම්‍යා ලෙස පේනා" වැනි කපටි ආරක්‍ෂකයා චිත්‍රපටයේ (මල්ලිකා) "පින්සාර මාගෙ සොහොයුරා" ගීතය හදවත දවාලයි. වැනි වැරදුණු කුරුමානම (ස්‌වර්ණා) "ගලා කන්දේනී මතුවෙනා දොළකි ප්‍රීති ජීවිතේ" සිව්වන වරට පෙරළෙන ඉරණම, (සුවිනීතා) "ඕලු මලෙහි සුදොa සුදොa" හදිසි විනිශ්චය (කාන්ති) ජයමංගල ගාථා. සැඟවුණු පිළිතුර (කුසුමලතා) "ලේ කිරිදීලා" උමතු විශ්වාසය (ද්විත්ව චරිතයක්‌ මව සහ (දුව) පළමුවරට මොහිදින් බෙග් සමග "සුදට සුදේ සිරිය දිලේ" නව කතාවක්‌ පළමු වරට තිරගත කළ ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන්ගේ කැලෑහඳ (මාලනී) අන්න සුදෝ අර පාට වලා. "අයිරාංගනී (අයිරාංගනී) "රාණියේ එන්aකෝ නැගී" (මතභේදය (කුසුමා) පෙම්මල් මාලා නෙළා ගොතාලා" (පෙරකදෝරු බෑණා (මාලනී) මුහුදේ පතුලේ කිමිදී" දොස්‌තර (චන්ද්‍ර) ප්‍රවේශමෙන් යන්නකො සුදා මගේ චිත්‍රපටය තිරයට නැඟෙද්දී රම්බොඩ මාර්ගයේ රුක්‌මණී දේවිය හර්බට්‌ එම්. සෙනෙවිරත්න සමගින් මෝටර් රථයක නැඟê ගමන් කරන දර්ශනය රූගත කරන අවස්‌ථාවේදී රිය පාරෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමේදී ගස්‌ දෙබලක රැඳී දෙදෙනාගේ ජීවිත බේරුණි.

ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන්ගේ සිරියලතා නව කථාව දෙවන වරට තිරයට නැගුනි. රුක්‌මණී "සිsරියලතා නමින් ද්විත්ව චරිතයක්‌ නිරූපණය කළාය. (අලංකාරෙනි සැදූ අගනා වූ මාලේ) ඩබ්. ඒ. සිල්වා සූරීන්ගේ තෙවැනි වරට තිරගත කළ ඓතිහාසික නවකතාව දෛවයෝගය (ශීලා කුමරිය) "හදගිලෙ අම මිහිරේ. "කියන්න රන් කඳ කියන්න, මොන හිතකින් ඔබ කීවාදැයි මේවා" කියා ඩොමී ජයවර්ධන සමගින් එක්‌ වී මුල් වරට රඟපෑවේ "සැමියා බිරිඳගේ දෙවියාය චිත්‍රපටයේය. "සුවදෙන සිත සැනසුම් අම මිහිරකි රස ලොව පෙම්. ගීතය ගයමින් "ලාදලු" චිත්‍රපටයේ ස්‌ටැන්ලි පෙරේරා සමග අසුපිට නැඟê රංගනයක යෙදුණේ ඩබ්. ඩී. අමර දේවයන් සමගින් යුග ගීතයක්‌ ගයමිනි.

56 වරක්‌ තිරයේ පෙම්වතිය වී පෙම් ජවනිකා රඟ පාමින්, ඉන්පසුව වැඩිහිටි චරිතවලට මුල් තැන දෙමින් "අබුද්දස්‌ස කාලෙ" ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරීස්‌ මහතාගේ "අහසින් පොළොවට වැනි චිත්‍රපටවල මවු චරිතයට කොටු වූවාය. "සක්‌විති සුවය" චිත්‍රපටයේ අවසන් වරට රඟමින් තිස්‌ එක්‌ වසරක්‌ තුළ අනූවකට වැඩි සිනමා පටවලට රංගනයෙන් දායක වූවාය.

රුක්‌මණී ඉතාම නිහතමානී කාන්තාවක වූවාය. ආඩම්බර වීමට ඕනෑ තරම් කරුණු තිබියදී, මෙතරම් නිහතමානී වූ මෙතරම් නිරහංකාර වූ කාන්තාවක්‌ අප දැක නොතිබුණි. අපේ ඇතැම් නිළියන් පුම්බාගත් අහංකාරයෙන් යුතුව හැසිරෙනු දකින විට රුක්‌මණීගේ මේ නිහතමානී බව, මේ නිරහංකාර බව ඔවුන්ට මනා ආදර්ශයක්‌ විය යුතු යෑයි සිතමු. එසේම ඇය තුළ තිබූ විනය හා කැපවීම ආදර්ශවත්ය. පුරාවෘතයක්‌ බඳු වූ රුක්‌මණී දේවි නම් වූ සුවිශේෂී කලාකාරිය පිළිබඳ විචාරවත් ඇගයීමක්‌ කිරීමේදී ඇය බිහි වූ සමාජ හා සංස්‌කෘතික පසුබිමද පිරිස්‌සා බැලීම වැදගත් යෑයි සිතමු. එය රුක්‌මණීම කියා ඇති පරිදි කාන්තාවක්‌ කලාවට සම්බන්ධ වීම, අවඥාවෙන් සැලකිය යුතු යුගයකි. නිළියන් ගැන කතා කරන විට "මොනවද ඔය ටීටර් කාරයෝ" යෑයි මහජනයා සඳහන් කළේ ඉතාම පහත් කොටසක්‌ ගැන කතා කරන කලෙක මෙ නැයි 1956 දී ලියා පළ කළ "මගේ ජීවිත විත්ති" නම් වූ ග්‍රන්ථයෙහි ලා කියයි. එබඳු වටපිටාවක නිළියක හා ගායිකාවක ලෙස කලාවට ප්‍රවිශ්ට වීමට තරම් රුක්‌මණී දැක්‌ වූ එඩිතර භාවය අපේ අප්‍රමාණ බුහුමනට ලක්‌විය යුත්තකි.

පරපුරෙන් පරපුරට ජනප්‍රියත්වය හා නිහතමානිත්වය අතිනත ගත් යුග තුනක රසික පරපුරක්‌ පිනවමින් ජනප්‍රිය ගායිකාවක්‌ හා චිත්‍රපට නිළියක්‌ ලෙස ජනාදරයට පත් හැම කලා කරුවකුගේම, කලාකාරියකගේම සම්මානයට පාත්‍රවෙමින් හැම මට්‌ටමකම රසික පරපුර අතර නොමියෙන ගීත කෝකිලාවිය ලෙස ප්‍රකට ඇය රුක්‌මණී දේවී කලා දිවියට වසර 40 සපිරෙන මොහොත මුල් කොට "ස්‌වර්ණ ගී" මහා ප්‍රසංගය ලෙස ගීත උළෙලක්‌ කොළඹ කාන්තා විදුහලේදී 1978 වප් මස 29 දින පැවැත්වීමට කටයුතු කරමින් සිටින අතරතුර මාතර උයන්වත්තේ ගී සාදය නිමාකොට මීගමුව සිය නිවස බලා එමින් සිටියදී ජා - ඇල, තුඩැල්ලේදී ඇය ගමන් ගත් රිය තෙල් බවුසරයක ගැටීමෙන් එදින අලුයම නිසල පරිසරයම නසාගෙන දේවිය නිහඬ විය.

යන්තම් ළමාවිය ගෙවීයත්ම, ගායනයෙන් කලා ලොවට පිවිස පුරා වසර 40 ක්‌ රසික හදවත් නැලවූ රසික දෙනුවන්, දෙසවන් ප්‍රීනනය කළ රුක්‌මණී ටවර් යුගයේ පැරණි නළුනිළි පරපුරේ සිට නූතන වේදිකාව දරා සිටින නළුනිළි පරපුර දක්‌වා සියලුම සමකාලීන සිනමා නළු නිළියන්ගේ පටන් නූතන තිරය ජයගෙන සිටින නව සිනමා නළුනිළි පරපුරටත් එදා මෙදා සියලු ගායිකා පරපුරටත් කෘතවේදී රසික පරපුරටත්, මෙය සදානුස්‌මරණීය නොවන්නේද? අපි ඇයට මොක්‌ සුව පතමු.

කඩවුණු පොරොන්දුව 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger