මෙම සධාතුක කරඬුව ඇද වැටීමේ සිද්ධිය මාධ්‍ය මගින් වාර්තා නොකරන ලෙසට සෑම මාධ්‍ය ආයතනයකටම ජනාධිපති මාධ්‍ය ඒකක විසින් දැනුම් දී ඇත.
දෙවිනුවර මහා උපුල්වන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර පසුගිය පොහෝදා(10) වීදි සංචාරය කරද්දී එහි ප්‍රධාන හස්තිරාජයා මත වැඩමවමින් තිබූ ශ්‍රී සධාතුක කරඬුව දෙනෝදාහක් මහ සෙනග බලා සිටියදී බිම ඇද වැටීම පිලිබඳව වහා පරීක්ෂණයක් අරඹන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
මෙම ඇසළ පෙරහැරේ හස්තිරාජයා මතට ශ්‍රී සධාතුක කරඬුව වැඩමවනු ලැබුවේ ජනාධිපතිවරයාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ විසිනි. මෙසේ ශ්‍රී සධාතුක කරඬුව ඇලවී ඇද වැටෙන අවස්ථාවේ හස්තිරාජයා දෙපසින් ගමන් ගත් පරිවාර හස්තියෙකු මත සිටි තේනබදු කපු මහතා එය අල්ලා වලක්වා ගැනීමට යාමේදී පරිවාර හස්තියා මතින් ඇද වැටී තුවාල ලබා ඇත.
මෙසේ ධාතු කරඬුව බිම ඇදවැටීම රටට හා ජනතාවට බලවත් අපල ගෙන දෙන්නක් විය හැකි බව මාතර ජනතාව පවසති. මෙවැනිම තත්වයක් 2004 වසරේ ඇසළ උත්සවයේදී සිදු වූ බව පවසන ඔවුහු එම වසර අවසානයේ දෙවිනුවර ප්‍රදේශය ඇතුළු ලංකාවේ මුහුදුබඩ පෙදෙස් සුනාමි ව්‍යසනයට ගොදුර වූ ආකාරය සිහිපත් කරති.
මෙම ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ ධූරය හොබවන්නේ ජනාධිපතිවරයාගේ සමීප ඥාතියෙකු වන පතල් හා කැණීම් කාර්ය්‍යංශයේ සභාපති ඩිෂාන් ගුණසේකර ය. දේවාලය අවට විෂ්ණු දෙවියන්ගේ රුවටත් වඩා උසින් ජනාධිපතිවරයාගේ හා බස්නායක නිලමේවරයාගේ කටවුට් සිය ගනණක් ප්‍රදර්ශනය කර තිබීම දෙවියන් හෑල්ලුවට ලක් කිරීමක් බවත් සධාතුක කරඬුව බිම වැටීම එහි ප්‍රතිඵලයක් විය හැකි බව ප්‍රදේශවාසීහු පවසති.
ජනාධිපතිවරයා මාතර හම්බන්තොට මාර්ගයේ ගමන් කරන සෑම වාරයක් පාසාම දෙවිනුවර උපුල්වන් දේවාලය අසළ නැවතී වැද නමස්කාර කොට ආශිර්වාද ලබා ගැනීමට අමතක නොකරයි. නමුත් දෙවිනුවර උපුල්වන් දේවාලය මේ වන විට සන්ධානයේ පක්ෂ කාර්යාලය බවට පත්වී තිබීම ප්‍රදේශවාසීන් දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිති.
මෙම සධාතුක කරඬුව ඇද වැටීමේ සිද්ධිය මාධ්‍ය මගින් වාර්තා නොකරන ලෙසට සෑම මාධ්‍ය ආයතනයකටම ජනාධිපති මාධ්‍ය ඒකක විසින් දැනුම් දී ඇත
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment