BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Sunday, October 19, 2014

මකියාවෙලී අනුගාමික මහින්ද...

මහින්ද රාජපක්‍ෂ යනු පරිණත දේශපාලඥයෙකි.අපට මෙය පාටක් පක්‍ෂයක් නොමැතිව අවධාරණය කළ හැකිය..ඊට හේතු කිහිපයක් අප පහතින් දක්වමු.එදා යූ එන් පී  සිට මේ රජයට පැන ආ අවස්ථාවාදී  ඔඩොක්කු කුක්කන්  හතර වටේටම බුරමින්  රටේ ජනතාවට සිය හෙළුව පෙන්නමින්  හැසිරෙද්දී  සිය දේශපාලන අත්දැකීම් සහ මධ‍්‍යස්ථ භාවය  මොනවට පෙන්වූ අවස්ථා කිහිපයක් අපට ආරංචි වී තිබුණා...

රතන හිමිගේ වික්‍රමය ගැන ජනපතිගෙන් සහතික

හවස එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජයේ කණ්‌ඩායම් රැස්‌වීම තිබිණි. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ගැන කතා බහ කිරීමෙන් අනතුරුව මැති ඇමැතිවරු කතා කළේ රතන හාමුදුරුවෝ කරගෙන යන වැඩ ගැනය. සමහරු හෙළ උරුමයට හා රතන හිමියන්ට දොස්‌ කියන්නට පටන් ගත්හ. ආණ්‌ඩුව පෙරළනවා යෑයි කියූ ප්‍රකාශය දැඩි විවේචනයට ලක්‌වූහ.

ඕවා ගැන නම් ඔච්චර හිතන්න එපා. ඔයගොල්ලො මෙහෙම හිතන්නකෝ. රතන හාමුදුරුවෝ ආණ්‌ඩුවේ කෙනෙක්‌. අපේ කෙනෙක්‌. අපේ කෙනෙක්‌ට පුළුවන් වුණා නේ ඔය රනිල්වයි සෝභිත හාමුදුරුවොයි ෆොන්සේකයි, ඡේවීපී එකයි, අරගොල්ලයි, මේගොල්ලයි, ඔක්‌කොම එකට වේදිකාවකට නග්ගන්න. අපේ කෙනෙක්‌ ඒ වගේ දෙයක්‌ කරනකොට ඒකට මොකටද බනින්නේ. ඒක හොඳ දෙයක්‌නේ. උන්වහන්සේ සැබෑ දක්‌ෂයෙක්‌...


ජනාධිපතිගේ ඒ විග්‍රහය නිසා රතන හිමිට බනින්නට දතකට මැදගෙන සිටි සමහර ඇමතිවරුද නිහඬව කටපියා ගත්හ.



ටී එන් ඒ යාපනයට එකක්‌
කිලිනොච්චියට තව එකක්‌


බ්‍රහස්‌පතින්දා උදෙන්ම කැබිනට්‌ රැස්‌වීම ද පැවැත්විණි. කැබිනට්‌ පත්‍රිකා ගැන කතා කරන අතරේ දිනේෂ් ගුණවර්ධන ඉරණමඩුවේ වතුර යාපනයට ගෙන යැම සම්බන්ධ යෝජනාව ගෙන ආවේය.

පළාත් සභාව ඕකට විරුද්ධයි නේද... ජනාධිපති ඇසීය.

අපි කතා කළා දෙමළ ජාතික සන්ධානය නම් කැමතියි.... දිනේෂ් කීවේය.

ඒත් උතුරේ ජනතාව විරුද්ධයි. ජනාධිපති කීවේය.

ඒක මෙහෙමයි සර් උතුරේ දෙමළ දේශපාලනඥයෝ, කිලිනොච්චියේ ජනතාවයි උතුරේ¨ ජනතාවයි කොටවනවා. දෙගොල්ලම රජය සමඟ තරහ කරවනවා. එයාලා උතුරට ගිහින් කියනවා යාපනයට වතුර දෙන්න ආණ්‌ඩුව කැමැති නෑ කියලා. ඊළඟට කිලිනොච්චියට ඇවිත් කියනවා අන්න ආණ්‌ඩුව තමුසෙලාගේ වතුර ටික අරන් ගිහින් යාපනයට දෙන්න හදනවා කියලා. ඔන්න ඔහොම දෙගොල්ලාම කොටවලා දෙගොල්ලාම අපිත් එක්‌ක තරහ කරවන එක තමයි රාජකාරිය. බැසිල් පැහැදිලි කළේය.

ඔන්න ඕවා තමයි ජාත්‍යන්තරයට ගෙනියන්න ඕන. ජනතාවටත් ඕවා හොඳට පැහැදිලි කරල කියන්න. ජනාධිපති උපදෙස්‌ දුන්නේය.



Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger