BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, September 8, 2014

රූකඩ මඩු යාග පොළේ....

* පරීක්‍ෂණ දිගටම 
- නව මානව හිමිකම් කොමසාරිස්‌ 

* පරීක්‍ෂණ මණ්‌ඩලය හෙළි නොකරයි
* කොටින්ට එරෙහි සාක්‍ෂි දීම තහනම්

එක්‌සත් ජාතීන්ගේ 27 වැනි මානව හිමිකම් සැසිවරාය ඊයේ (8දා) ජිනීවාහිදී ආරම්භ විය. එහෙත් මෙම සැසිවාරය අමතමින් ඊයේ නව මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසෙන් කළ ප්‍රකාශය පසුගිය සෙනසුරාදා ජිනිවාහි කොටි ඩයස්‌පෙරාවට කල්තියා ලැබී තිබුණි. නව මානව හිමිකම් කොමසාරිස්‌ද නවි පිල්ලේගේ කාබන් කොපියකි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රජාවට එල්ල වී ඇති තර්ජනය ගැන මට දැනුම් දෙනු ලැබුවා. විපතට පත් වුවන්ට හා සාක්‍ෂිකරුවන්ටත් එකී තර්ජනය එල්ල වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් හා ක්‍රිස්‌තියානි පාර්ශවලට එරෙහිව සාහසික ක්‍රියා සිදු වී තිබෙනවා යෑයි නව මානව හිමිකම් කොමසාරිස්‌ පල කළේය.

මින් සනාථ වන්නේ නවිපිල්ලේ සිය ධූරයෙන් විශ්‍රාම යැමට පෙර නව මානව හිමිකම් කොමසාරිස්‌ට ශ්‍රී ලංකාවට එරෙහිව විෂ පෙවීමයි.

නව මානව හිමිකම් කොමසාරිස්‌වරයා පිල්ලේගේ ප්‍රකාශය කරමින් යුද අපරාධ විමර්ශන මණ්‌ඩලයට සහය වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

එකී ඉල්ලීම පිල්ලේ අනුගමනය කළ පිළිවෙත එලෙසම ගෙන යැමකි.

එහෙත් මේ විමර්ශන මණ්‌ඩලය හොර රහසේ ක්‍රියාත්මකවේ. ඊට සාක්‍ෂි ලෙස මේ බව දැක්‌විය හැකිය.

1. පරීක්‍ෂණ මණ්‌ඩලයේ පරීක්‍ෂක කණ්‌ඩායමේ නම්ද හෙළි කර නැත.

2. කොටින්ට එරෙහි යුද අපරාධ ගැන හෙළි කිරීම සඳහා මෙතෙක්‌ විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන්ට අවස්‌ථාව දී නැත.

3. සාක්‍ෂි විමසන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ කුමන කාමරයේදැයි හෙළි නොකිරීම

4. කොටි ඩයස්‌පොරාවේ සාක්‍ෂි පමණක්‌ භාර ගැනීම

5. පරීක්‍ෂණ මණ්‌ඩලයේ න්‍යාය පත්‍රය කල් තියා කැනඩා කොටි ඩයස්‌ පොරාවට ලැබීම

6. එම න්‍යාය පත්‍රය මත කොටි ඩයස්‌පොරාව සාක්‍ෂි සකස්‌ කිරීම

මෙම පසුබිම මත නව මානව හිමිකම් කොමසාරිස්‌ වු ජෝර්දානයේ සෙයිද් රාද් හුසෙන් කුමරුන් ගෙනියන්නේ පිල්ලේගේ න්‍යාය පත්‍රයයි.

එහෙත් අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීහු සිරියානු සෙබලුන් 600 ක්‌ ඝාතනය කරමින් මුස්‌ලිම් පල්ලි හා ක්‍රිස්‌තියානි පවුල් පන්නා දමමින් සිදු කරන මිනිස්‌ සංහාරයට එරෙහිව ඔහු දැඩි හඬක්‌ නගා නැත.

මෙරට රාජ්‍ය නොවන සංවිධාන නව මානව හිමිකම් කොමසාරිස්‌ පත්වීමට පෙර සිටම ඔහුට සාවද්‍ය තොරතුරු සපයනු ලැබීය.

එහි ප්‍රතිඵල දැන් සනාථ වී ඇත. ලිබියාව ත්‍රස්‌තවාදීන්ට ගොඳුරු වී අරාජිත තත්ත්වයට පත්වීමෙන් සිය ගණනක්‌ ලිබියානුවන් බෝට්‌ටු මගින් ඉතාලියට පැමිණෙන අවස්‌ථාවේ දියේ ගිලී මිය යැමේ සිද්ධීන් හෙළි විය. ඒ ගැන හඬ නොනගන මානව හිමිකම් කොමසාරිස්‌වරයා ඕස්‌ටේ්‍රලියාවට ද්‍රවිඩ සණ්‌නාගතයන් යැම හා සංක්‍රමණ පිළිවෙත ගැනද ප්‍රකාශ කර ඇත.

මේ තත්ත්වය මැද ලබන සැප්තැම්බර් 21 දා ශ්‍රී ලංකාව සම්බන්ධ ව්‍යාජ වාර්තාව මානව හිමිකම් සැසිවාරයට යොමු කරන බවද අනාවරණය වී තිබේ. මෙම වාචික වාර්තාවෙන් මතු කරන ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්‌වන බව ශ්‍රී ලංකා රජය පවසයි. එහෙත් එකී වාර්තාවට පදනම වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සහ විදේශ රටවල සිටින අභිරහස්‌ සාක්‍ෂිකරුවන්ද මොවුන් කව්දැයි පරීක්‍ෂණ මණ්‌ඩලය හෙළි කරන්නේ නැත.

ඔවුන් ගැන හෙළිවන්නේ වර්ෂ 2034 දීයි. මේ නිසා පිල්ලේගේ සහ සෙයිද් රුද්ගේ පරීක්‍ෂණ මණ්‌ඩලය පිලිගත හැකිද?

මේ පසුබිම මැද යුරෝපා කොටි ඩයස්‌පොරාව මෙම 15 දා ජිනීවා නුවරදී උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට සැලසුම් කර ඇත. එහි අරමුණ නව මානව හිමිකම් කොමසාරිස්‌ට බලපෑම් එල්ල කිරීමටය.

මෙම තත්ත්වය මත යුද අපරාධ විමර්ශන මණ්‌ඩලය කටයුතු කරන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ පිලිවෙත මත බව පැහැදිලිය.

අභිරහස්‌ පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ ලවා පවත්වන මෙම ශ්‍රී ලංකාවට එරෙහි පරීක්‍ෂණයේ මෙහෙයවන කණ්‌ඩායම මෙයට පෙර හෙළි කරන බව පිල්ලේගේ ප්‍රකාශක රූපට්‌ කොල්විල් පවසා තිබුණි. එහෙත් දැන් ඔවුන් කව්දැයි හෙළි නොකිරීමට තීරණය කර ඇත. මේ පසුබිම මැද නව මානව හිමිකම් කොමසාරිස්‌ අවධානය යොමු කරන මෙරට මානව හිමිකම් ප්‍රජාව කව්ද? ඒ විදෙස්‌ අරමුදල් ලබන සුළු පිරිසක්‌ මොවුන්ට රැකියාවක්‌ නැත. එකම රැකියාව සාවද්‍ය තොරතුරු විදෙස්‌ ගත කිරීමයි. ඊට හේතුව නිදසුන මරණීය තර්ජන එල්ල වන බව කියා ඇමරිකාවට පැන ගියේය. නැවතත් මාස පහකට ආපසු මෙරටට පැමිණියේය. දැන් ඔහු යලිත්වරක්‌ තමාට මරණීය තර්ජන එල්ල වන බව හඬ නගයි.

වසරෙන් වසර මරණ තර්ජන එල්ල වන බවට හඬ නගන්නේ බටහිර රටවල න්‍යාය පත්‍රයක්‌ සඳහා බව සනාථ නොවන්නේද මෙවැන්නන් මානව හිමිකම් ක්‍රියා කාරීන්ද? මේ තත්ත්වය මත ජිනීවා සිදුවන ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ගැන විභාග කිරීම සිදුවන්නේ පැමිණිලිකරු සාක්‍ෂිකරු හා විනිසුරුකරු යන පිලිවෙත මතයි. එය ප්‍රභාකරන්ගේ පිලිවෙතයි පරීක්‍ෂණ මණ්‌ඩලයට විමර්ශනය කරන පරීක්‍ෂණයට මුල් වී ඇත්තේ කැලම් මැක්‌රේගේ නෝපයර් සෝන් සහ සුදු කොඩි කතාවයි.

නෝපයර් සෝන් වීඩියො පටයට වීඩියෝ දර්ශන යෑව්වේ කොටි සමග කටයුතු කළ පුද්ගලයෙකි. සුදු කොඩි කතාව ප්‍රකාශයට පත් කළේද හිටපු මාධ්‍ය වේදියෙකි. මේ දෙදෙනාට හා පවුල්වල අයට ජර්මනිය හා ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබී තිබේ. මොවුන් දේශපාලන රැකවරණය ලබා ගැනීමට කළ සාවද්‍ය ප්‍රකාශ පිළිගත හැකිද. එහෙත් ශ්‍රී ලංකාව වරදකරු කිරීමේ අරමුණින් ඔවුන්ගේ ප්‍රකාශ පිළිගෙන ඇත. සාක්‌කිකරුවන් වන්නේ කොටි ඩයස්‌පෝරාවයි. ඊට වන්නියේ සිටි ක්‍රිස්‌තියානි පූජකවරු කීපදෙනෙකුද දායක වී ඇත. මේ තත්ත්වය මත නව මානව හිමිකම් කොමසාරිස්‌ යනු නවි පිල්ලේගේ කාබන් කොපියකි.

 කීර්ති වර්ණකුලසූරිය

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger