"මා කුඩා කාලයේ අප නිවසෙහි තිබූ මවගේ වර්ණවත්වූ මැහුම් ගබඩාව හා නිවසෙහි අලංකාර වටපිටාව මා පසුකාලීනව චිත්‍ර ශිල්පිණියක් වීමට අවශ්‍ය මූලික පසුබිම සකස් කර දුන් බව කිව හැකියි. සැබැවින්ම චිත්‍ර නිර්මාණය සඳහා අවශ්‍ය වර්ණ තෝරා ගැනීමට මට අවශ්‍ය මූලාශ්‍රය සැපයුවේ ඉහතින් සඳහන් කළ කාරණායි" මේ දැනට ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකීය චිත්‍ර ශිල්පිනියක වන නිර්මා සියෙසෙනොප්ගේ හඬයි.
දැනට ජර්මනියේ කොලෝන් නගරයේ පදිංචිව සිටින නිර්මා වසර ගණනාවක් මුළුල්ලේ එරට නිදහස් චිත්‍ර ශිල්පිණියක් ලෙස කටයුතු කරන්නීය. ඇය පසුගියදා අප හා දොඩමළු වෙමින් කියා සිටියේ චිත්‍ර ශිල්පිණියක් ලෙස තමා වර්ණයන් දකිනුයේ විශ්වීය භාෂාවක් ලෙස බවයි. "සත්‍ය වශයෙන්ම එය සංගීතය, හොඳ ආහාර වේලක් හෝ සිනහවකට සමාන කළ හැකියි. චිත්‍ර නිර්මාණයක් හරහා චිත්‍ර ශිල්පියෙකුට ඉතා සංවේදී අයුරින් යමෙකු වෙත ඇදී යැමටත් ජනතාවගේ ආත්මය ස්‌පර්ශ
"වර්ණ යනු මාගේ ලෝකය වන අතර මා ඒවාට ආදරෙයි." නිර්මා පවසන්නීය. ජර්මනියේ බැංකු සඟරාවක කර්තෘවරයකු හා විවාහ වී සිටින නිර්මා මේ වන විට තම චිත්‍ර නිර්මාණ ප්‍රදර්ශනයන්, ජර්මනියේ බර්ලින්, බොන්, µ්‍රeන්ක්‌ෂර්ට්, කොලෝන් වැනි නගරවල මෙන්ම සෙසු යුරෝපීය රටවල් වන බෙල්ජියම හා නෙදර්ලන්තය වැනි රටවලද පවත්වා තිබේ. පසුගියදා ජර්මනියේ බොන් නගරයේ සසේන් කලාගාරයේ පැවැති ඇයගේ චිත්‍ර ප්‍රදර්ශනය මැයි 21 වැනිදා අවසන් විය. ඇයගේ මීළඟ චිත්‍ර ප්‍රදර්ශනය ලබන ඔක්‌තෝබර් මාසයේදී 'වියෙස් බාඩන්' හිදී පැවැත්වීමට නියමිතය.
Post a Comment