දේශපාලඥයන් නිවැරදි ප‍්‍රතිකාර ගෙන සුවෙන් කාලය ගත කරද්දී ඔවුන්ගේ පිහිටෙන් විරාජමානවන ප‍්‍රශ්න ගත වෛද්‍යවරියගෙන් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ට ඇතිවන ප‍්‍රතිවිපාකවලට වගකියන්නේ කවුද ....???
ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය දිලිනි සමරකෝන්ගේ වැඩ තහනම නැවැත්වීම සඳහා නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මැදිහත්වී තිබෙන බවට විශ්වසනීය තොරතුරු වාර්තා වී ඇත.
වෛද්‍ය දිලිනි සමරකෝන්ට එරෙහිව මේ වනවිට පැවැත්වෙන පරීක්‍ෂණය යට ගැසීම සඳහා නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මැදිහත් වී ඇත්තේ ආදාල පරීක්‍ෂණයේ නියතු නිලධාරින් දෙදෙනෙකු පාර්ලිමේන්තුවට කැඳවා උපදෙස් දීමෙන් බවට තොරතුරු හෙළිව තිබේ.පරීක්‍ෂණ පවත්වන නිලධාරින් පාර්ලිමේන්තුවේ සමාන්‍ය ප‍්‍රවේශය යටතේත් වෛද්‍ය දිලිනි සමරකෝන් සිය බලතල යටතේ විශේෂ ප‍්‍රවේශයකිනුත් එදින පාර්ලිමේන්තුවට ගෙන්වා ගෙන ඇත.
එ් අනුව අදාල තත්ත්වය පැහැදිලි කිරීමට මෙන්ම වෛද්‍ය දිලිනි සමරකෝන්ට තමාගේ ඇති දුර ඥති කමක් මතක් කරදීමටද නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි කටයුතු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්‍ෂවරයාගෙන් ශ‍්‍රි ලංකා නිවුස් විමසා සිටි අතර අපොයි ඔය ගැන නම් කතා කරන්න බැහැ යැයි හෙතම අපගේ විමසීම පවා මගහැරියේය.
මේ සම්බන්ධයෙන් ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්‍ෂවරයාගෙන් ශ‍්‍රි ලංකා නිවුස් විමසා සිටි අතර අපොයි ඔය ගැන නම් කතා කරන්න බැහැ යැයි හෙතම අපගේ විමසීම පවා මගහැරියේය.
කෙසේ වෙතත් ජයවර්ධනපුර රෝහලේ වෘත්තිය සමිති සාමාජිකයන් පවා පවසන්නේ ප‍්‍රශ්නගත ප‍්‍රතිකාර හේතුවෙන් වැඩ තහනමට ලක්වූ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය දිලිනි සමරකෝන්ට ආපසු සේවය ලබා දෙන්නේ නම් එය රෝහලේ කීර්ති නාමයට පවා කැළලක් බවයි.
රෝගීන් කිහිප දෙනෙක් මියයාම. අදාල ශෛල්‍යකර්ම සම්බන්ධව පවතින සැකයන් මෙම වෛද්‍යවරියගේ සේවය අත්හිටුවීමට හේතු වූ බව ඔවුන්ගේ අදහසයි.
කෙසේ වෙතත් ඇයට අදාල චෝදනා පත‍්‍රය පවා ජයවර්ධනපුර රෝහල විසින් මෙතෙක් ප‍්‍රසිද්ධියට පත් කර නැත. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මෙම සිද්ධියට මැදිහත්වී ඇත්තේ එ් අතරවාරයේය.
කිසියම් චෝදනාවක් එල්ලවනවිට නිර්දෝශභාවය සනාථ කිරීමේ හැකියාව තිබිය යුත්තේ අදාල වෛද්‍යවරියටය.
එසේ නොමැති වුවහොත් දේශපාලඥයන් නිවැරදි ප‍්‍රතිකාර ගෙන සුවෙන් කාලය ගත කරද්දී ඔවුන්ගේ පිහිටෙන් විරාජමානවන ප‍්‍රශ්න ගත වෛද්‍යවරියගෙන් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ට ඇතිවන ප‍්‍රතිවිපාකවලට වගකියන්නේ කවුදැයි ශ‍්‍රී ලංකා නිවුස් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් සුධර්මා කරුණාරත්න ඇතුළු වගකිව යුතු බලධාරින්ගෙන් ඉදිරියටත් ප‍්‍රශ්න කිරීමට නියමිතව ඇත.

Post a Comment