මිනීමස් ආහාරයට ගනු ලබන පාකිස්ථානු ජාතිකයෙකු, පාකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම චෝදනාව මත ම පොලිසිය ඔහුගේ සහෝදරයාද අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටී.
පාකිස්ථානයේ ‘දාරියා ඛාන්’ නැමති පිටිසර ප්‍රදේශයේ පදිංචි, මොහොමඩ් අරිෆ් නමැති 33 හැවිරිදි මෙම පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවන වතාවටයි.
මොහු පදිංචිව සිටි නිවසින් දුගඳක් වහනය වීම හේතුවෙන් ඒ පිළිබඳ සොයා බැලූ පොලිසිය එහි තිබී තුන් හැවිරිදි දරුවෙකුගේ හිසක් සොයා ගෙන තිබේ.
මීට පෙර 2011 වසරේදී සුසාන භූමියකින් කාන්තා මළ සිරුරක් රැගෙන ගිය බවට මොහුට සහ මොහුගේ සහෝදරයා වූ 35 හැවිරිදි ෆාමන් අලිට විරුද්ධව චෝදනා එල්ල විය. පසුව අනාවරණය වූයේ මොහු එම කාන්තාවගේ මස් යොදා ව්‍යාංජනයක් සාදා ඇති බවටයි.
එම සිද්ධිය මත එම දෙදෙනාටම දෙවසරක සිර දඩුවමක් නියම වූ අතර, පසුගිය වසරේදී ඔවුන් නිදහස ලබා ඇත.
මෙම දෙදෙනාම දරුවන්ද සිටින විවාහක පුද්ගලයින් බවත්, කලින් වතාවේ අත්අඩංගුවට පත් වන විටත් ඔවුන්ගේ භාර්යාවන් ඔවුන් අතහැර ගොස් තිිබූ බවත් පැවසේ.
පොලිසිය ප්‍රකාශ කරන්නේ මේ දෙසොහොයුරන් විසින් මළමිනී 100කට අධික සංඛ්‍යාවක් කා දමා ඇතැයි සැක කරන බවයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment