කලළයක උපතේ සිට මෘත දේහයක අවසානය දක්වාවූ විවිධ කඩඉම් අප පසු කරමින් යන්නෙමු.
අප ජීවත්වන්නාවූ සුළු කාලයේ...විවිධාකාර හැල හැප්පීම් වලට මුහුණ දීමට සිදුවෙයි...බොහෝමයක්ම අනපේක්‍ෂිතය.සමහරු මේ ජීවත් වන කෙටි කාලයේ මිනී මරා ගනිති...අනුන්ට ඊරිසියා කරති..අනුන්ගේ දෑ වංචාවෙන් ලබා ගනිති ...මිනී මරා ගනිති ..නොකරන්නේ මොනවාද...අප සැවොම උපදින්නේ එක ලෙසය ...උපදින අප සැවොම දිනකදී මෙලොව හැර දමා යා යුත්තේමය...එදිනට අපට එක තත්පරයක ජීවිත කාලයක් කිසිදු මුදලකට කිසිවෙකුගෙන් ගත නොහේ...
අවසානයේදී අප හැඳ පැළැඳ සිටින ඇඳුමක් වුව ගෙන යාමට නොහැක...බුුදුදහමට අනුව අප නැවත මිනිසත් බවක් ලැබුවද නැවත උපදින්නේ කිසිවෙකු නොහඳුණන ලෙසය..වෙනත් රූප කායකිනි....
අද අප වටා සිටින මිතුරු මිතුරියන්ද අප ගෙන් වියෝවනු ඇත..
ජීවිතය වනාහි දුම් රියක් සේ යැයි...දුම් රිය වල ගමන් ගන්නා බොහෝ විට මට සිතී ඇති වාර අනන්තය ...දුම් රියට ගොඩවන අය විවිධ නැවතුම් පළවලින් බැස යති...සමහරු නැවත හමුවෙති ,සමහරු නැත,සමහරු අපේ මතකයේ ඇත ...සමහරු නැත..
දිනෙන් දින තත්පරයෙන් තත්පරය අප වයසට යයි..ඔබ අද ගත කරනුයේ නව යෞවන අවදියක විය හැකියි ...නමුත් ඔබගේ ඇසට හොරා ඔබ වියපත් වෙමින් පවතී...ජීවිතයක මුල මැද අග සංද්වනිය දෙස රිද්මයානුකූලව බැලූ සත්‍යජිත් රායිගේ අපූර්සංසාර් සිනමා ත්‍රිත්වය මෙහිදී මට මෙනෙහිවේ
මේ සමග පළකරන ඡායාරූප පෙළ ඉතා දුර්ළභ වීමට හේතු කිහිපයකී...
ඉන් පළමු වැන්න නම්..අද මෙන් දියුණු තාක්‍ෂණයක් නොතිබූ 1965 වසරේදී ලෙනාර්ට් නිල්සන් ගත් ඡායාරූප වීමත්..
ජීවයක සංයෝජනයේ සිට වියයපත් වීම දක්වා විකාශය..මෙම දුර්ළභ සේයා රූ තුළින් පිළිබිඹු වීම එහි දෙවැන්නයි...
සුමිත් ජයන්ත ඩයස්...
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment