මෙරට ජීවත් ව සිටි සුවිශිෂ්ට චින්තකයකු මෙන් ම කීර්තිමත් අධ්‍යාපනඥයකු ද වූ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තුමා සිය අභාවයෙන් පසු අවසන් කටයුතු කළ යුතු ආකාරය ගැන කිසි ම සඳහනක් කොට නොතිබිණි. 1985 දෙසැම්බර් 28 වන දින අභාවයට පත් වූ එතුමන්ගේ අවසන් කටයුතු සිදු කැරුණේ 1986 ජනවාරි 01 වන දින ය. ඒ නිසා අදිකාරම් තුමන් ඇසුරු කළ, පුවත්පත් පොතපත ඇතුළු සන්නිවේදන මාධ්‍යවලින් එතුමන් ගැන දැන සිටි දිවයිනේ නන් දෙස විසිර සිටි බොහෝ දෙන එතුමනට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ.
සරල වූ ද ගැඹුරු වූ ද ජීවිතයකට අවශ්‍ය මගපෙන්වීමකි.
‘නමස්කාර’ සඟරාවේ ලේ්ඛක, වෛද්‍ය ලලිත් විජේසිංහයන්ගේ පියා මිය ගියේ ය. ඔහු සිය පියාගේ අවසන් ඉල්ලීම පරිදි මව, නැගණිය ද ඇතුළු ඥාතිමිත්‍රාදීන්ගේ කැමැත්ත ඇති ව පියාගේ දේහය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බාර දුන්නේ ය. ඒ මොහොතේ කළ යුතු වැදගත් ම දෙය ලෙස ඔවුන්ට දැනී තිබුණේ එය යි. ඒ සරල ක්‍රියාව තුළ ගැඹුරු අරුතක් ඇත.
මෙයින් අදහස් වන්නේ සෑම අයකු විසින් ම සිය සමීපතමයන්ගේ දේහ වෛද්‍ය විද්‍යාලයනට බාර දිය යුතු බව නො වේ. වඩා වැදගත් වන්නේ දිනයක් හෝ දෙකක් දේහය තබාගෙන අවසන් කටයුතු සිදු කිරීම නම්, කළ යුත්තේ එය යි. මෙරට ජීවත් ව සිටි සුවිශිෂ්ට චින්තකයකු මෙන් ම කීර්තිමත් අධ්‍යාපනඥයකු ද වූ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තුමා සිය අභාවයෙන් පසු අවසන් කටයුතු කළ යුතු ආකාරය ගැන කිසි ම සඳහනක් කොට නොතිබිණි. 1985 දෙසැම්බර් 28 වන දින අභාවයට පත් වූ එතුමන්ගේ අවසන් කටයුතු සිදු කැරුණේ 1986 ජනවාරි 01 වන දින ය. ඒ නිසා අදිකාරම් තුමන් ඇසුරු කළ, පුවත්පත් පොතපත ඇතුළු සන්නිවේදන මාධ්‍යවලින් එතුමන් ගැන දැන සිටි දිවයිනේ නන් දෙස විසිර සිටි බොහෝ දෙන එතුමනට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ. ඒ පැමිණි අයගේ අතට අඩු ම වශයෙන් අදිකාරම් තුමන් විසින් ලියන ලද ‘සිතිවිලි’ ලිපියක් හෝ පත් කිරීමට හැකි විය. ඒ අනුව සිදු වූයේ එතුමන්ගේ අවසාන අවස්ථාව පවා අදිකාරම් සාහිත්‍යය සමාජගත කිරීමට ලැබෙන අවස්ථාවක් බවට පත් වීම ය.
හොරණ, පොකුණුවිට, විනයාලංකාරාමයේ වැඩ-වුසූ අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් තමා අපවත් වූ දින ම සිය අවසන් කටයුතු කළ යුතු ය යනුවෙන් විශේෂ සඳහනක් කොට තිබිණි. ඒ අනුව උන් වහනසේගේ අවසන් කටයුතු සිදු කැරුණේ එහිමියන් අපවත් වූ දින ම ය. එම ක්‍රියාවෙහි ද ලෝකය අවදි කරවන සුවිසල් ගැඹුරක් විය.
රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු උන් වහන්සේ අපවත් වූ දින ම සිදු කිරීමත් වෛද්‍ය ලලිත්ගේ පියාගේ දේහය වෛද්‍ය විද්‍යාලයට බාරදීමත්, අදිකාරම් තුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දින කිහිපයකට පසු සිදු කිරීමත් බැලූ බැල්මට භෞතික වශයෙන් එකිනෙකට වෙනස් ලෙස පෙනී යන ක්‍රියා තුනකි. එහෙත් ඒ ක්‍රියා තුන ම කවර හෝ අන්දමක සමාජාවබෝධයකට හේතු විය. එහෙයින් ඒ ක්‍රියා තුන ම අපට වැදගත් සේ දැනෙයි; හැඟෙයි.
මේ අතර වෛද්‍ය ලලිත් ඇතුළු ඥාතිමිත්‍රාදීන් විසින්, ඒ මිය ගිය පියා වෙනුවෙන් තෙමස් පින්කමක් කරන්නට ද කටයුතු සම්පාදනය කොට තිබිණි. අපට වැටහෙන අන්දමට එය ද මුල් අවස්ථාවේ ඒ දේහය වෛද්‍ය විද්‍යාලයට බාරදීම තරමට ම වැදගත් වෙයි. මන්ද: ‘හොඳ පින්කමක්’ යනු ද අර්ථවත් ක්‍රියාවක් අඛණ්ඩ ව පරපුරින් පරපුරට පවරාදීම පිළිබඳ වන සංස්කෘතික ප්‍රවාහයක අවස්්ථාවක් වන බැවිනි. විශේෂයෙන් හිංසකත්වයට අනුබල දෙන ක්‍රියාවන්ගෙන් තොර ව, පින්කමකට නොගැළපෙන කිසිදු කටයුත්තක තමා ද නොයෙදී අනුන්ට ද එවැනි දෙයට ඉඩ නොදී බෞද්ධ ජීවිතය මත පදනම් ව එය සංවිධානය කොට තිබීම ඉතා වැදගත් ය.
ඇතැම් ‘පින්කම් ගෙදරක’ ධර්ම දේශනයෙන් හෝ දානයෙන් පසු අපට දකින්නට ලැබෙන්නේ කා-බී මත් ව සිහියෙන් තොර ව කටයුතු කරන දර්ශන ය. ඒවා ‘පින්කම්’ කියා හැඳින්විය හැකි ද? ඇතැම් දෙනා විසින් කරනු ලබන ක්‍රියා තුළ ඇත්තේ අක්‍රියා යි. මෙය වඩාත් පැහැදිලි කොටගැන්ම සඳහා අපට ‘භගවද්ගීතා’ පාඨයක් උපයෝගී කොටගත හැකි ය.
“කර්මණ්‍යකර්ම යඞ විශ්‍යෙ
දකර්මණි ච කර්ම යඞ
ස බුද්ධිමාන් මනුෂ්‍යෙෂු
ස යුක්තඞ කෘත්ස්නකර්මකෘත්”
මෙයින් කියැවෙන්නේ යමෙක් අක්‍රියාවෙහි ක්‍රියාවත්, ක්‍රියාවෙහි අක්‍රියාවත් දකියි ද ඒ තැනැත්තා මනුෂ්‍යයන් අතර බුද්්ධිමතා බව යි; ඔහු සියලු ක්‍රියා කරන යෝගියා බව යි.
අනුන් අබිබවා යෑමේ අදහසින් තනතුරු, බලය, ධනය උදෙසා කෙනකු විසින් කරනු ලබන අනවරත සටන තුළ බැලූ-බැල්මට ක්‍රියාවක් තිබේ. ඒ වූකලි ක්‍රියාවෙහි අක්‍රියාව යි. එබඳු තැනකදී කළ යුතු ක්‍රියාව වන්නේ ධනය, බලය, තනතුරු ආදිය උදෙසා කිසිවක් නොකර හිඳීම යි. එතැන ඇත්තේ තරග නොකිරීමේ ක්‍රියාව යි; ගීතාවට අනුව අක්‍රියාවේ ක්‍රියාව යි.
අප විසින් කරනු ලබන ක්‍රියා කොතරම් දුරට අර්ථවත් ද අර්ථ හීන ද යන්න ගැන සැලකිලිමත් වනු වටී.
අමද්‍යප සමාජයක් ස්්ථාපිත කිරීම සඳහා කටයුතු කරන අව්‍යාජ අමද්‍යප සාමාජිකයකුට, මද්‍යසාර ගැනීම අනුමත කැරෙන හෝ ඇගැයෙන අදහස් ඇතුළත් “අවන්හලක ඉපදී මා මිය යනවා නම්... මේ සසරේ පින් කර ඇති එක ම කෙනා මං...” වැනි ගීත ගායනා කිරීමට පෙලඹිය හැකි ද? නොඑසේ නම් එබඳු ගීතයකට අත්වැල ඇල්ලිය හැකි ද? තමා හදවතින් ම කටයුතු කරන්නේ අමද්‍යප සමාජයක් බිහි වනු දැකීමට නම්, එබඳු අය විසින් නොදැනුවත් ව හෝ තමා අතින් සිදු වන මේ ක්‍රියාව ගැන වඩාත් සිතා බලනු වටී.
එසේ ම හිංසකත්වයෙන් තොර සමාජයක් බිහි වනු දකිනු කැමැති අව්‍යාජ නිර්මාංසාහාරියකුට ‘ඉස්සන් මගුරන්...’ වැනි ගී ගැයීමට ඉදිරිපත් විය හැකි ද? නො එසේ නම් එබඳු ගීයක අත්වැල් සපයන්නා විය හැකි ද? තව ද ‘සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!’ යි ප්‍රාර්ථනා කරන කෙනකුට, ඝාතනයට ලක් වන සත්ත්ව ජීවිත ආහාරයට ගත හැකි ද? මේ සම්බන්ධයෙන් ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මා විසින් දක්වනු ලැබ ඇති පහත සඳහන් ප්‍රකාශයට අපගේ අවධානය යොමු කිරීම සුදුසු ය:
“යම් සතෙක් නිදුක් වේවා යි එක දවසක දී ප්‍රාර්ථනා කොට, තව දවසක දී උගේ මස් කෑම සිහිය ඇති කෙනකුට සිතාගැනීමට බැරි තරමේ පරස්පර විරෝධී ක්‍රියා නොවන්නේ ද? එහෙත් අද නරක මිනිසුන් පසෙක තිබිය දී මෛත්‍රී භාවනාව වඩන, යහපත් ප්‍රතිපත්ති පුරන්නට උත්සාහ කරන, හොඳ මිනිසුන් කී දෙනෙක් මේ පරස්පර විරෝධී ක්‍රියා දෙකෙහි යෙදෙත් ද?
“සියලු සත්ත්වයෝ ය යි කියූ විට අත්හැරිය හැකි එක ද සතෙක් නොවන්නේ ය. හරකා, එළුවා, ඌරා, කුකුළා ආදි ගොඩ සිටින සතුන් පමණක් නො ව, දියෙහි වසන මාළුවා, කකුළුවා, ඉස්සා ආදි ලොකු කුඩා සෑම සතෙක් ම ද එහි අන්තර්ගත වන්නේ ය.
“එම නිසා සියලු සත්ත්වයෝ නිදුක් වෙත් වා යි ප්‍රාර්ථනා කරන කෙනෙකු මසක් මාළුවක් කන විට ඔහු කරන්නේ තමා විසින් මෛත්‍රී කරනු ලැබූ සතකු තමා විසින් ම කෑම ය.
“ඔබ මෛත්‍රී භාවනාවත් කරන, මස්-මාළුත් කන කෙනෙක් නම් මීට පසු කෑම සඳහා මසක් හෝ මාළුවක් මේසය මතුයෙහි තිබෙනු දකින විට ඔබ කරන්ට යන ක්‍රියාව ගැන මොහොතක් සිහියෙන් යුක්ත ව බලන්න.”
අප මෙතෙක් මේ ගැන නොසිතුවේ නම් කළ යුත්තේ කුමක් ද? තමාගේ ම ආදරණීය විවේචකයා බවට තමා ම පත් වී, සිදුවීම් අවලෝකනය කිරීම ය; අනතුරු ව තමාට දැනුණු-හැඟුණු සත්‍ය තුළ, අනුනට කායික හෝ මානසික හෝ පීඩාවක් නොවන පරිදි, හැකි උපරිම අයුරින් ක්‍රියාත්මක වීම ය; එසේ ක්‍රියාත්මක වන අතර, තමාට වැටහුණු දෙය, හැකි තාක් දෙනාට ඉතා ආදරණීය ලෙස වටහා දීමට උත්සාහ දැරීම ය. එබඳු මෙහෙවරක දී පිරිමියා සේ ම ගැහැනිය ද එක සේ වැදගත් වෙයි.
ගැහැනිය යහපත් ලෞකික ජීවිතයක පැවැත්මට හෝ විමුක්තියට හෝ බාධාකාරී තැනැත්තිය ලෙස දැක, ඇය හෙළාදකිමින් කටයුතු කරන්නට කරන්නට යහපත් ගිහි ජීවිතය මෙන් ම අපේක්ෂිත විමුක්තිය ද තවදුරටත් අපෙන් ඈත් වනවා ඇත. එසේ ම ඇය ම පමණක් ජීවිතයේ වැදගත් දෙය කොට තකමින්, ඇයට ආසක්ත වන්නට වන්නට ද යහපත සහ විමුක්තිය අපෙන් ඈත් වනවා ඇත. ගැහැනියට ද මේ ආකාරයට ම පිරිමියා ගැන සිතිය හැකි ය.
තත්ත්වය මෙසේ නම් අප විසින් කළ යුතු ව ඇත්තේ කුමක් ද? අපට දැනෙන්නේ, හැඟෙන්නේ මේ සඳහා කළ යුත්තේ බෝධිසත්ත්ව - සිද්ධාර්ථ ආදර්ශය ගැනීම බව ය; බුදුන් වහන්සේගේ පරමාදර්ශය ගැන සිතීම බව ය.
ජාතක පොත අධ්‍යයනය කිරීමේ දී අපට පෙනී යන්නේ බෝධිසත්ත්වයන් සිය ජීවන චර්යාවෙන් ඇලීම මෙන් ම නෑලීම ද ප්‍රකට කොට ඇති බව ය. බෝධිසත්ත්ව පතිනිය ලෙස යසෝදරාව ද ප්‍රකට කළේ ඇලීම සහ නෑලීම අතර දෝලනය වන චරිත ස්වභාවය යි. එහෙත් සිද්්ධාර්ථ-යසෝදරා යනු තවත් චරිත දෙකක් පමණක් නො ව, සිය භව ගමන අවසන් කොට, බොහෝ දෙනාට තමන්ගේ භව ගමන් අවසන් කිරීමට උපකාරී වූ පරමාදර්ශී යුවළකි. සිය අවසන් ජන්මයේ දී අවසන් විමුක්තිය උදෙසා, ‘ඒ හිංසාකාරී යුග බන්ධනය’ කැඩිය යුතුª බව සිද්ධාර්ථ කුමරු තරුණ වියේ දී ම අවබෝධ කොටගත්තේ ය. ඒ අවබෝධය යසෝදරා තුළ ද විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සිද්ධාර්ථ කුමරු පැවිදි ජීවිතයට එලඹ, අවසන සම්මා සම්බුද්ධත්වය ලැබීමෙනි; යසෝදරා දේවිය ද හිමි මග ගෙන පැවිදි ව අවසන රහත් මෙහෙණියක බවට පත් වීමෙනි.
මේ අනුව අප කළ යුතු ව ඇත්තේ කුමක් ද?
ජීවිතය වඩාත් නිවරද කොටගැන්ම උදෙසා, සුවපත් කොටගැන්ම උදෙසා අප අප දෙස ම බැලිය යුතු වෙයි. දුෂ්කර කාර්යය වන්නේ ද එය යි. ලෝකය දෙස බැලීම පහසු මුත් තමා දෙස බලා, තමා විසින් තමා විවේචනයට ලක් කොටගැනීම අපහසු ය. එහෙත් කළ යුත්තේ ද එය යි. ඒ අනුව තමා විසින් තමාගේ චර්යාව දෙස බල තමාට ම ‘රිදවාගත’ යුතු වෙයි. ආදරණීයන්ගේ සුවය පතා ඔවුනට වුව ‘රිදවිය’ යුතු ය. එහෙත් ඒ රිදවීමේ අරමුණින් නො ව, සුවපත් කිරීමේ අරමුණිනි. ‘ආදරයෙන් පහරදීමේ කලාව’ උගත යුත්තේ මේ සඳහා ය.
එක්තරා සෙන් ගුරු හිමි නමක උදෑසන සිය සිසු පිරිසට කියා දෙන්නේ ඔබේ දෑත ඇත්තේ ලෝකයට ආදරය දීමට බව යි. එසේ ඉගැන්වූ ගුරුවරයා ම, එම සිසු පිරිසට හවස සටන් කලාව උගන්වයි. එවිට ශිෂ්‍යයෙක් මෙසේ අසයි:
“හිමියනි, ආදරය කිරීමට ඇති දෑත් පහර දීමට යොදවන්නේ ඇයි?”
ගුරුවරයාගේ පිළිතුර “ආදරය නිස යි,” යනුවෙනි.
මේ කතාව වඩාත් පැහැදිලි කොටගැන්මට නිදසුනක් දැක්වීම සුදුසු ය. කිසියම් තැනැත්තෙක් තවත් තැනැත්තකු මරාදැමීම පිණිස අවියක් අමෝරාගෙන එයි. ඒ මොහොතේ ඒ කාර්යය වැළැක්වීම සඳහා කළ යුතු එක ම ක්‍රියාව වන්නේ අවි දැරූ තැනැත්තාට පහර දී මෙල්ල කිරීම නම් ‘සටන්කරුවා’ විසින් අනිවාර්යයෙන් ම කළ යුතු ව ඇත්තේ එය යි. එතැන දී ‘සටන්කරුවා’ ඝාතනයට ලක් වන්නට යන තැනැත්තා බේරාගැන්ම උදෙසා ප්‍රහාරකයාට පහර දීමෙන් ප්‍රකාශයට පත් කරන්නේ පහර ලබන්නා කෙරෙහි ඇති ආදරය යි. එසේ ම අවි දැරූ තැනැත්තාට පහර දීම තුළ ඇත්තේ ද පහර දෙන්නා කෙරෙහි වන ආදරය යි. මන්ද: ඔහු මිනීමරුවකු වීමට තිබූ අවස්ථා වැළැක්වීමෙන් ‘සටන්කරුවා’ ප්‍රකාශයට පත් කරන්නේ ඒ ආදරය බැවිනි. එහෙයින් අප භෞතික ව හෝ වාචික ව කෙනකුට නොකර ම බැරි තැනක දී ‘පහර දෙනවා නම්’ එහි පදනම විය යුත්තේ ආදරය යි; කරුණා මූලය යි. එවිට ‘පහර ලබන තැනැත්තා’ තුළ පවා වෛරයක් උපදින්නේ නැත.
වරෙක ජේ. ක්‍රිෂ්ණමූර්ති නම් චින්තකයා සඳහන් කළේ ගැඹුරින් කල්පනා කිරීම යනු බුම්මාගත් මුහුණක් ඇති ව සිටීම නොවන බව ය. එසේ ම ලෝකය ම සිය හිස මත පවතින සේ ගැඹුරු මුහුණක් මවාගෙන සිිටින තැන ද ගැඹුරුකම නැත. තව ද තමාට ද පැහැදිලි නුවූ කරුණු, දෘෂ්ටියක් ලෙස ගෙන, ඒ කරුණු ගෙනහැර දක්වමින් තර්ක-විතර්ක කරන තැන ද ගැඹුරක් නොතිබිය හැකි යි.
අප අසා ඇති කතාවක එන පරිදි එක්තරා චින්තකයෙක් සිය මිතුරු පිරිසක් සමග ජීවිතය පිළිබඳ ව ගැඹුරු සාකච්ඡාවක යෙදී සිටියි. මේ සාකච්ඡාව දිගට ම යන අතරතුර ඒ නිවෙසේ ම එක් පැත්තකට ගසක් කඩාවැටෙයි. යට කී ශබ්දය ගැන සතිමත් වූ චින්තකයා, දිගින් දිගට ම සාකච්ඡාවේ යෙදෙන සිය කලණ මිතුරන්ගෙන් අසන්නේ මේ ගෙදර ම අනෙක් පැත්තට ගසක් කඩාවැටුණු ශබ්දය ඔබට ඇසුණේ ද යනුවෙනි. එවිට ඒ අය එබඳු යමක් ඒ මොහොතේ සිදු වී ද කියා මවිත වී ප්‍රශ්න කරති. මන්ද: ඒ අය සිතන පරිදි, ඒ වන විට ඔවුන් ගැඹුරු ම සාකච්ඡාවක යෙදී සිටි බැවිනි. මෙහි ඇති හාස්‍යජනක කාරණය වන්නේ මේ පිරිස කතා කරමින් සිටියේ ...
‘එළඹ සිටි සිහිය’ ගැන වීම යි!
අප බොහෝ දෙනා විසින් කරනු ලබන තවත් වරදක් තිබේ. ඒ තමාට බොහෝ උසස් දේ කිරීමට ඇති බව කියා සරල දෙය අත්හැරීම ය. ඉතා හොඳ උසස් දෙය ලෙස තමාට පෙනෙන දෙය වුව නොගැළපෙන පරිසරයක හෝ නොගැළපෙන අවස්ථාවක සිදු කිරීම සුදුසු නො වේ. ක්ෂේමේන්ද්‍ර නම් භාරතීය කාව්‍ය විචාරකයා ‘ඖචිත්‍යවිචාරචර්වා’ නම් සිය කෘතිය ඔස්සේ සෞන්දර්යාත්මක දෘෂ්ටි කෝණයකින් විවරණය කිරීමට වෑයම් කළේ ද මේ ගැන යි.
ඇලෙනසුලු ලෝකයක නෑලී සිටීම, ගැටෙනසුලුු ලෝකයක නොගැටී සිටීම තුළ ගැඹුරු අරුතක් ඇත. එය සෑම කෙනකු විසින් ම සිය ශක්ති පමණින් තමාගේ ම චර්යාවෙන් ප්‍රකාශයට පත් කළ යුතු දෙයකි. ඇලීම සහ ගැටීම අපේ ජීවිතවලින් පැහැදිලි ව ම ප්‍රකාශයට පත් වෙයි. එහෙයින් අපට සැබෑ ඕනෑකමක් ඇත් නම් ඒ ඇලීම්වල ගැටීම්වල ස්වභාවයන් අපගේ ම ජීවිත සමඟ ගළපා අවබෝධ කොටගත හැකි වනු ඇත. එහෙත් ‘නෑලීමට ඇලීම’ අපට පහසුවෙන් නො පෙනෙයි. මන්ද: සද්ධර්මයට අනුව බැලුවත් එය අපට පහසුවෙන් නොපෙනෙන වංචක ධර්මතාවක් බැවිනි. එසේ නම් දාර්ශනික සංකල්පයක් ලෙස ගෙන නෑලීමට ඇලීම, නෑලීමෙහි එල්බගැන්ම, නෑලීමේ සංකල්පය වෙනුවෙන් පෙනී සිටීම ආදිය ද අපට නොදැනුවත් ව ම අපෙන් ප්‍රකාශයට පත් වන ඇලීමේ ම සැඟවුණු ස්වරූප විය නොහැකි ද?
එසේ නම් ඒ තත්ත්වය නිසා ද කෙනකු ලෝකය තුළ ඇලීම හා ගැටීම ම වර්ධනය කරනවා විය හැකි ය. මෙය වඩාත් පැහැදිලි කොටගැන්ම උදෙසා, අපට සුත්තනිපාතයේ මාගන්දි සූත්‍රයේ එන පහත සඳහන් ගාථා පාඨය ආලෝක ප්‍රකාශයක් වෙනවා ඇත:
“සඤ්ඤා විරත්තස්ස න සන්ති ගන්ථා
පඤ්ඤා විරත්තස්ස ත සන්ති මෝහා
සඤ්ඤා ච දිට්ඨිඤ්ච යේ අග්ගහේසුං
තේ ඝට්ටයන්තා විචරන්ති ලෝකේ”
මෙයින් කියැවෙන්නේ සංඥාවන්හි නෑලුණු තැනැත්තාට ගැටලු නැති බව යි; ප්‍රඥාව කරණ කොටගෙන ඇලීමෙන් නිදහස් වූ තැනැත්තාට මෝඩකම නැති බව යි. එහෙත් යම් අයෙක් සංඥාව සහ දෘෂ්ටිය දැඩි ව ගනිත් ද ඒ අය ලෝකයෙහි ගැටලු ඇති කරමින් හැසිරෙයි.
ඇතැම් විට අපි ඇතැම් චරිත සහ දේවල් භෞතික වශයෙන් මෙන් ම මානසික වශයෙන් ද අල්ලාගෙන සිටිමු. ඇතැම් විට භෞතික වශයෙන් අල්ලාගැනීමට අප කැමැති චරිත හෝ දේවල් අපට අහිමි වනවා විය හැකි ය. එහෙත් අපි මානසික වශයෙන් අල්ලාගැනීම අත් නො හරිමු. අපට භෞතික වශයෙන් තිබෙන දේවල් හා චරිත සමඟ, ජීවිතය පවත්වාගෙන යෑම සඳහා වන කටයුතු කරමින් ‘මානසික අත්හැරීම’ සිදු කළ හැකි නම් අපගේ ජීවිතවලට මෙයට වඩා වෙනසක් සිදු විය හැකි ය. කෙනකුට භෞතික වශයෙන් මෙන් ම මානසික වශයෙන් ද අත්හැරිය හැකි නම් හොඳ ම දෙය වන්නේ එය යි. ඒ අතහැරීමට අතීත වර්තමාන-අනාගත කාල භේදයකින් තොර ව අති මහත් වෙනසක් සිදු කළ හැකි ය. ගෞතම බුදුන් වහන්සේ විසින් ලෝකයට ලබා දෙන ලද්දේ ඒ ආදර්ශය යි; පරමාදර්ශය යි.
තමාගේ විවේචකයා බවට තමා ම පත් වෙමින් ඇත්ත වශයෙන් ම අයත් වන්නේ ඉහත සඳහන් අත්හැරීම් අතුරින් කවර අත්හැරීමක් ද යන්න පැහැදිලි ව අවබෝධ කොටගත් විට එතැන් සිට කළ යුත්තේ කුමක් ද යන්න අපට පැහැදිලි වෙනවා ඇත.
ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා ‘විවිධ චින්තා’ නම් සිතිවිලි ග්‍රන්ථයේ දී සඳහන් කරන්නේ තමාගේ සෑම ක්‍රියාවක් දෙස ම, සෑම සිතිවිල්ලක් දෙස ම, සෑම හැඟීමක් දෙස ම බැලිය යුතු බව ය. කිසියම් ක්‍රියාවක්, කිසියම් සිතිවිල්ලක් කිසියම් හැඟීමක් අශෝභන යැ යි කියා පිළිකුලෙන් හෝ භයෙන් අහක බලාගත හොත් එම ක්‍රියාවේ, එම සිතිවිල්ලේ, එම හැඟීමේ ඇති සැටිය නොපෙනෙන බව ඔහු කියයි. එසේ නම් මේ තත්ත්ව දෙකින් ම මිදී අපට අප දෙස බැලිය නොහැකි ද? ඒ සඳහා ‘ආගම නැවතුම් පොළක් ද?’ යන මැයෙන් එන සිතිවිලි ලිපියේ දී අදිකාරම් මහතා කරන පහත සඳහන් ප්‍රකාශය අපට කිසියම් ආලෝකයක් වනවා ඇත:
“මේ ක්‍රියාව, මේ සිතිවිල්ල, මේ හැඟීම ශෝභන ය යි සතුටින් එහි ඇලුණ හොත් එම ක්‍රියාවේ ඇති සැටිය ඔහුට නො පෙනෙන්නේ ය. තමා යනු කෙනකු තුළ ඇති වන අශෝභන ක්‍රියා සමූහය ද අශෝභන සහ ශෝභන සිතිවිලි සමූහය ද අශෝභන සහ ශෝභන හැඟීම් සමූහය ද වේ. එහෙයින් ආත්මාවබෝධයේ පටන් ගැන්ම ඒ කිසිවක් කෙරෙහි පිළිකුල් නොකොට ඒ කිසිවක නෑලී ඒවා දෙස බැලීම ය.”
එසේ නම් අප විසින් කළ යුතු ව ඇත්තේ ලෝකය දෙස බැලීමට පෙර තමා දෙස බැලීම ය; ලෝකය විවේචනය කිරීමට පෙර තමා විසින් තමා විවේචනය කරගැනීම ය.
අපගේ ‘ඇති සැටිය’ දැකීම අප, අප ගැන ම මවාගෙන ඇති ප්‍රතිරූප බිඳවැටීමට හේතු විය හැකි ය. කොතරම් සුන්දර ලෙස පෙනුණත් ප්‍රතිරූපය යනු මායාවක් බැවින් කවර මොහොතක හෝ එහි බිඳවැටීම වැළැක්විය නොහැකි ය. අප පිළිබඳ ව අප විසින් ම ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපය බිඳවැටෙන ආකාරය දෙස කිසිදු ගැටීමකින් හෝ ඇලීමකින් තොර ව බලා සිටීමට අපට හැකි වුව හොත් අප පිළිබඳ වන සත්‍ය තත්ත්වය අනාවරණය වනවා ඇත. එහෙයින් ප්‍රතිරූප බිඳවැටීම යනු බිය වීමට කරුණක් නො ව, අපට අපව ම බලාගැන්මට ලැබෙන අනගි අවස්ථාවකි. මන්ද: සත්‍යය යනු සොයාගෙන ගොස් පිටතින් ස්පර්ශ කිරීමට හෝ දැකීමට ඇති දෙයක් නොවන බැවිනි. තමා පිළිබඳ වන මේ සත්‍යය දැකීම අන් සියල්ලට ම වඩා වැදගත් ය. ඒ දැක්ම ආලෝකය වී අප විසින් කළ යුතු ව ඇත්තේ කුමක් ද යන්න පැහැදිලි කරනවා ඇත.
බුදුන් වහන්සේගේ චරිතයෙහි ඇති අප්‍රමාණ ගුණ අතර එන එක් විශේෂ ගුණයක් වන්නේ ‘විජ්ජාචරණ සම්පන්න’ භාවය යි. උන් වහන්ස්ගේ ඒ උතුම් ගුණයට ගරු කරන අතර ම ඒ ගුණයෙන් අල්පමාත්‍රයක් හෝ අපේ ජීවිත සමඟ ගළපාගත නොහැකි ද?
‘විජ්ජා’ යන වචනයේ සංස්කෘත රූපය වන්නේ ‘විද්‍යා’ ය. එය සෑදෙන්නේ ‘දැනීම’ හා ‘දැකීම’ යන අරුත් දෙන ‘විද්’ ධාතුවෙනි. මේ දැනීම මෙන් ම, දැකීම අප තුළ ඇති කරන්නේ විද්‍යාව යි; විජ්ජාව යි. ‘චරණ’ යනු හැසිරීම යන අරුත් දෙන ‘චර්’ ධාතුවෙන් සෑදෙන වචනයකි. එම වචනය පාලි, සිංහල, සංස්කෘත යන භාෂා තුනෙහි ම භාවිත ය. මේ අනුව ‘චරණ’ යනු හැසිරීම යි. ‘සම්පන්න’ යන වචනය සෑදෙන්නේ ‘සැමතින් ම’ ‘යහපත් ව‘ ‘එක් ව’ යන අරුත් දෙන ‘සම්’ උපසර්ග මුලින් යෙදී ‘පැමිණීම’ ‘ගමන් කිරීම’ යන අර්ථයෙහි යෙදෙන ‘පද්’ ධාතුවෙනි. පාලි භාෂා අර්ථ සමඟ ද ගැළපිය හැකි යට කී සංස්කෘත මූලයන් සැලකිල්ලට ගෙන, ‘විජ්ජාචරණසම්පන්න’ යන වචනය දෙස බලන අපට ඉන් පැහැදිලි අරුතක් මතු කොටගත හැකි ය. එනම් දැනීමත්, දැකීමත් ලැබ ඒ දැනීම ඒ දැකීම තුළ හැසිරීම – ඒ දැනීමට, දැකීමට, දැකීමට පැමිණීම – ඒ තුළ ජීවත් වීම ‘විජ්ජාචරණසම්පන්න’ ගුණය ලෙස අර්ථ දැක්වීමෙනි. ජීවිතය දැන දැක ඒ ලද ආලෝකය චරණය හෙවත් හැසිරීම බවට පත් කොටගෙන අපට ජීවත් විය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා ‘විවිධ චින්තා’ නම් සිතිවිලි ග්‍රන්ථයේ දී සඳහන් කරන්නේ තමාගේ සෑම ක්‍රියාවක් දෙස ම, සෑම සිතිවිල්ලක් දෙස ම, සෑම හැඟීමක් දෙස ම බැලිය යුතු බව ය. කිසියම් ක්‍රියාවක්, කිසියම් සිතිවිල්ලක් කිසියම් හැඟීමක් අශෝභන යැ යි කියා පිළිකුලෙන් හෝ භයෙන් අහක බලාගත හොත් එම ක්‍රියාවේ, එම සිතිවිල්ලේ, එම හැඟීමේ ඇති සැටිය නොපෙනෙන බව ඔහු කියයි.
ජීවිතය දැන දැක ඒ ලද ආලෝකය චරණය හෙවත් හැසිරීම බවට පත් කොටගෙන අපට ජීවත් විය නොහැකි ද?
මෙසේ දැනීම සහ දැකීමත් සමග ඇති වන ආලෝකය විසින් අප හැසිරිය යුත්තේ කෙසේ ද යන්න පැහැදිලි වනවා ඇත. එවිට අප අසන දහම් පදයක ගැඹුරු අරුත් දරාගෙන ඒවා අපගේ ම හැසිරීම් ලෙස ජීවිතයෙන් ප්‍රකාශයට පත් කිරීමට අපට හැකි වනු ඇත. ඒ ජීවිතය සරල ය. ඒ ජීවිතය ගැඹුරු ය. අප විසින් කටයුතු කළ යුතු ව ඇත්තේ එබඳු ජීවිතයක් උදා කොටගැනීම උදෙසා ය. එවිට ‘අසන්න, දරන්න, දහමෙහි හැසිරෙන්න’ යන අර්ථය රැගත් සරල වූත් ගැඹුරු වූත් අකාලික වූත් ධර්ම පාඨය අප විසින් අගය කළ යුතු, ගෞරව කළ යුතු ධර්ම පාඨයක් බවට පමණක් පත් නොවී, අපගේ ම ජීවිතවලින් ප්‍රකාශයට පත් කළ යුතු පවිත්‍ර ක්‍රියාකාරකම් බවට පත් වෙනවා ඇත.
“සුණාථ, ධාරේථ, චරාථ ධම්මේ....”
මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ.

Post a Comment