තංගල්ල ද නේචර් හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කිරීම හා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්‌ටෝරියා ඇලෙක්‌සැන්දෝවා සමූහ ලෙසින් දූෂණය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් කර නියම කළ විසි අවුරුදු බරපතළ වැඩ සහිත සිර දඬුවමට එරෙහිව එම රැඳවියෝ ඊයේ (31 දා ) කොළඹ මහාධිකරණය වෙත අභියාචනා ගොනු කරනු ලැබූහ.
සිරගත රැඳවියන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් විසින් අභියාචනා ගොනු මහාධිකරණ ලේඛකාධිකාරීවරිය වෙත භාර දෙනු ලැබූහ.
නඩු විභාගයේදී පැමිණිල්ලේ සාක්‌කිවලින් චෝදනා ඔප්පු කර නොමැති තත්ත්වයක ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්‌වා මහාධිකරණ විනිසුරුවරිය තමන් වැරදිකරුවන් කර ඇති බව පවසන චූදිතයෝ නඩු විභාගයේදී නීතිමය හා සිද්ධිමය කරුණු පිළිබඳව අවධානය යොමු කර නොමැති බවත් කියා සිටිති.
තමන් වැරදිකරුවන් කරමින් මහාධිකරණය මගින් ලබා දෙනු ලැබූ තීන්දුව නිෂ්ප්‍රභ කරන ලෙසත්, තමන් නිදොස් කොට නිදහස් කරන ලෙසත් චූදිතයෝ සිය අභියාචනාවලින් ඉල්ලා සිටිති.
චූදිත රැඳවියන් වෙනුවෙන් මහාධිකරණය වෙත ඉදිරිපත් වූ අභියාචනා ගොනු සමඟ සම්පූර්ණ නඩු ගොනුව ඉදිරි සතියේදී අභියාචනාධිකරණය වෙත යොමු කිරීමට කටයුතු යොදන බව එම අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
මහාධිකරණ තීන්දුව මගින් විසි අවුරුදු බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චJද්‍රපුෂ්ප විදානපතිරණ, ලහිරු කැළුම් හෙවත් රවීJද්‍ර, උඩුවනගේ සමන් දේශප්‍රිය හා වීරප්පුලිගේ ප්‍රනීත් චතුරංග යන විත්තිකරුවෝ මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිති.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment