- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Saturday, May 3, 2014
භාරත ඝාතන නඩුව
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන්
13 දෙනකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය කොළඹ මහාධිකරණයට යොමු කිරීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා (02 වැනිදා) තීරණය කළේය.
විත්තිකරුවන්ට එරෙහිව ඉහළ අධිකරණය හමුවේ විභාගයක් පැවැත්වීමට ප්‍රමාණවත් සාක්‌ෂි ඉදිරිපත් වී ඇතැයි මෙහි මූලික පරීක්‍ෂණය පැවැත්වූ මහෙස්‌ත්‍රාත්වරයා (02 දා) සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.
ඉකුත් 2011 පළාත් පාලන මැතිවරණය පැවැති ඔක්‌තෝබර් මස 08 වැනිදා කොළොන්නාව, අංගොඩ, ගොතටුව, සේදවත්ත යන ප්‍රදේශ ඇතුළත ජනරාශිගතව සාපරාධී බලහත්කාරකම් සිදු කිරීම, කැරැළි ගැසීම, පුද්ගලයන්ට තුවාල සිදු කිරීම, භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, දමිත දර්ශන ජයතිලක, මොහමඩ් අස්‌මි, මනිමෙල් කුමාරස්‌වාමි යන හතර දෙනා වෙඩි තබා ඝාතනය කිරීම, රාඡ්පුරගේ ගාමිණී යන අයට වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීම ඇතුළු චෝදනා 10 ක් යටතේ විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම නඩුව පවරා ඇත.
මෙම අපරාධ සිද්ධියේ චූදිතයන් වන්නේ අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, චමින්ද රවි පියනාත්, ලංකා රසාංජන
විඡේසූරිය, මාලක සමීර, විදානගමගේ අමිල සරත් බණ්‌ඩාර, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, ප්‍රියන්ත ජනක බණ්‌ඩාර ගලබොඩ, ආර්. දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ හා නාගොඩ ලියනආරච්චිගේ චමින්ද යන පිරිසයි.
මහාධිකරණය විසින් දැනුම් දෙන දිනයක සියලුම විත්තිකරුවන්ට එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කෙරිණි.
ඝාතනයට ලක්‌වූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පවුලේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ කේ. අසිත විපුලනායක මහතා පෙනී සිටියේය.
විත්ති පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන හේමන්ත වර්ණකුලසූරිය, අනිල් සිල්වා, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, අනුර රණසිංහ, විපුල සේනානායක, සංජය ගමගේ, රසික සමරවික්‍රම, හංසදේව සමරසේකර යන මහත්වරු පෙනී සිටියහ.
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මෙරිල් රංජන් ළමාහේවා මහතා ද පෙනී සිටියහ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment