බෞද්ධ සමාජයක තරම් එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ලෝකේ නැහැයි කියල මම විශ්වාස කරනවා. මුස්ලිම්වරුන්ට, බහුතර අනිත් කට්ටියත් එක්ක එකතුව. එක තමයි මගේ ආනන්දයෙන් මම ලබපු අත්දැකීම. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා විහිළුවට "අඩෝ තම්බියා" කියල මට කියපු කට්ටිය. එක සීයට පහක්වත් නැහැ. නමුත් ආනන්ද විද්‍යාලයයේ ශිෂ්‍ය නිවාසයේ කනිෂ්ට ශිෂ්‍ය සංගමේ සභාපති ධුරයට, එකම මුස්ලිම් ශිෂ්‍යයා මම හිටියේ; මහා සභාපති ධුරයට බෞද්ධ බහුතරය තෝරගත්ත. බෞද්ධ ළමයි. ජ්‍යෙෂ්ට ශිෂ්‍ය සංගමේ සභාපති ධුරයට මාව තෝරගත්ත. ආනන්දේ ශිෂ්‍ය නිවාසේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හැටියට ගුරුවරු මාව තෝරගත්ත.
මට අමුත්තක් දැනුණේ නැහැ බෞද්ධ ආනන්දය තුළ, මම පිටස්තර මනුස්සයෙක් කියල. මට පිළිගැන්මක් තිබුණ. මම විද්‍යාලයේ සිංහල විවාද කණ්ඩායමේ නායකත්වය දරුවා. මම ටේබල් ටෙනිස් කණ්ඩායමේ නායකත්වය දැරුව. හොකී ටීම් එකේ නායකත්වය දරුවා. තව මොනවද ඕනේ?
~~ඉම්ටියාස් බාකීර් මාකර්

Post a Comment