මීගමුව කෝටි දෙකේ මංකොල්ලයේ ප්‍රධාන සැකකරු වන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රොයිස් ප්‍රනාන්දු මෙවර බස්නාහිර පළාත් සභාවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් එජාප මන්ත්‍රිවරයකු ලෙස තේරී පත්ව ඇත. මනාප ඡන්ද 29,291ක් ලබා ගම්පහ දිස්ත්‍රික්කයෙන් එජාප ලැයිස්තුවේ 6 වැනියා ලෙස තේරී පත්වූ රොයිස් ප්‍රනාන්දු මීට පෙර මීගමුව නගර සභාවේ හිටපු විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කෙළේය.
මීගමුව නගරයේ රුපියල් කෝටි 2ක මුදල් මංකොල්ලයක් සිද්ධ කිරීම සම්බන්ධයෙන් සැකපිට පසුගිය පෙබරවාරි මාසයේදී රොයිස් ප්‍රනාන්දු අත්අඩංගුවට පත්වූ අතර ඔහු මේ වනවිටත් සිටින්නේ මීගමුව බන්ධනාගාරය තුළය.
මෙවර මැතිවරණ ව්‍යාපාරය කරගෙන යෑමට අවශ්‍ය මුදල් තමා ළඟ නොමැති බැවින් මෙම මංකොල්ලය සිද්ධ කළැයි රොයිස් ප්‍රනාන්දු පිළිගත් බව පසුගිය කාලයේ මාධ්‍ය මඟින් වාර්තා කර තිබූ අතර ඔහු බන්ධනාගාර ගතවූවායින් පසු රොයිස් ප්‍රනාන්දුගේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගියේ ඔහුගේ බිරිය විසිනි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment