BREAKING NEWS

රටතොට

Friday, March 21, 2014

ප්‍රංශ භාෂාව කතාකරන රටවල් කේන්ද්‍ර කරගනිමින් රටින් බැහැර දෙමළ ඊළාම් රජය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී, ශ්‍රී ලංකාවේ ගැටළුව උණුසුම් වී ඇති අවස්ථාවක, ප්‍රංශ භාෂාව කතාකරන රටවල් කේන්ද්‍ර කරගනිමින් රටින් බැහැර දෙමළ ඊළාම් රජය තම කටයුතු තිව්‍ර කර ඇත.
රටින් බැහැර දෙමළ ඊළාම් රජය අප්‍රිකානු රටවල ප්‍රධාන නගරයන් හී තම කටයුතු කරමින් සිටින අවස්ථාවක, ජිනීවා හී තම කටයුතු තීව්‍ර කිරීමේ අරමුණින්, රටින් බැහැර දෙමළ ඊළාම් රජය විසින් ප්‍රංශ භාශාව කතා කරන නිතී විද්වතුන්ව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා වන තම නීති විද්වත් කමිටුව එම කටයුතු සඳහා යොදවා ඇත.


රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ විදේශ කටයුතු සඳහා වන නියෝජ්‍ය අමාත්‍ය මහින්දන් ශිවසුබ්‍රමණියම්, අප්‍රිකාව සඳහා වන තම සංචාරය අවසන් කර, ජිනීවාවල සිටින ප්‍රංශ නීති විද්‍වතෙකු වන Frédéric Parpani  සමග ඒකාබද්ධ වී සාකච්ඡා පවත්වමින් සිටියි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger