BREAKING NEWS

රටතොට

Wednesday, March 19, 2014

මමත් මාතර කෙල්ලෙක් මාතර මටත් අයිතියි ....අනර්කලී


 තමන් දේශපාලනයට ආවේ රටේ ගෘහණියන් ආරක්ෂා කරන්නත් තරුණ ප‍්‍රජාවට යමක් කරන්නත් බව මාතර දිස්ත‍්‍රික් සන්ධාන අපේක්ෂිකා අනර්කලී ආකර්ෂා  පවසයි.අනර්කලී ආකර්ෂා  මෙසේ පැවසුවාය.


මම උඩින් පාත් වුණා නෙවෙයි. මගේ අම්මයි, තාත්තයි කඹුරුපිටියේ. මටත් මාතර ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න යුතුකමක් හා අයිතියක් තිඛෙනවා. බල්ලෝ බිරුවට හඳ පාත් වෙන්නේ නෑ. මට බැන්නට මම බණින්න යන්නේ නෑ. කාන්තාවන් වෙනුවෙන් මම මාතරට ආවා. මම අනිවාර්යයෙන්ම දිනනවා.

අපේ ජනාධිපතිවරයා රටට ගොඩක් වැඩ කර තිඛෙනවා. ජනතාව ඒ මහතාට ආදරෙයි. කුමන්ත‍්‍රණ කෙතරම් කළත් අපි මෙවරත් පළාත් සභාව ඉහළින්ම දිනනවා. ඒක ස්ථිරයි.
අපි ඇවිත් ජනතාව අතරට යන විට සමහරු ඊට අකමැතියි. ඊර්ෂ්‍යා කරනවා. කවුරු මොනවා කීවත් අපට ප‍්‍රශ්ණයක් නෑ. ජනාධිපතිවරයා බේරා දුන් රට හොඳට හදන විට අපි කවුරුත් එයට උදව් කළ යුතුයි. එහෙත් හුගක් දෙනෙක් ඒ මහතාගේ කකුලෙන් අඳින්න හදනවා’

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger