තමන් මාතරින් මැතිවරණයට තරඟ වදින්නට ආවේ මාතරට තිබුණු කාන්තා අඩුපාඩුව පුරවන්න බව දකුණු පළාත් සභා සන්ධාන අපේක්‍ෂිකා අනර්කලී ආකර්ෂා කියයි.
මාතරදී ජන හමුවක් අමතමින් ඇය මෙසේද කීවාය.
‘මම ජනතා නියෝජිතවරියක් වශයෙන් දකුණු පළාතේ මානව සම්පත් සංවර්ධනය කරන්න, ඉංග‍්‍රීසි භාෂාව ගමින් ගමට පුරුදු පුහුණු කිරීමේ දැවැන්ත වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනවා. වසර ගණනාවකින් මාතර දිස්ත‍්‍රික්කයෙන් පළාත් සභාවට හෝ පාර්ලිමේන්තුවට කාන්තා නියෝජනයක් සිදු වී නැහැ. එය ලොකු අඩුපාඩුවක්. ඒ අඩුව පිරිමහන්නට ජනාධිපතිවරයාගේ හා දේශපාලන බල අධිකාරියේ ආශිර්වාදයෙන් මා මෙවර දකුණු පළාත් සභා මැතිවරණයට මාතර දිස්ත‍්‍රික්කයෙන් ඉදිරිපත් වුණා.
මානව සම්පත් සංවර්ධනය හමුවේ කාන්තාවන්ට කළ හැකි මෙහෙවර ඉතා විශාලයි.
මාතරට මා පිටස්තරියක් නොවෙයි. මගේ මුල් පරම්පරා මාතර දිසාවෙයි. අදත් මගේ පවුලේ ඥාතීන් සෑහෙන පිරිසක් ජීවත් වෙන්නේ මාතර සීමාවෙයි. ඒ නිසයි මා මාතරට ආවේ. මාතර දාලා මම යන්නේ නැහැ. මගේ පාරම්පරික ගම වන මාතරට යම් කිසි වැඩක් කරන්න මට හිතුණා. පසුගිය කාලයේ සෑහෙන වැඩක් කරලා උපකාරයක් කරලා ඒක කිය කියා ඇවිදින්න මා කැමති නැහැ. ඒක මගේ සිරිතක් නොවෙයි. ජනාධිපතිවරයා දරුණු කොටි ත‍්‍රස්තවාදයෙන් රට බේරා ගත්තා. ඉතිහාසයේ නොවූ දැවැන්ත සංවර්ධනයක් සමස්ත රට පුරා සිදු වෙනවා. අපට ජීවිත කාලය පුරා දකින්නට නොලැබුණ මහා ආශ්චර්යමත් දේ සිදු වෙලා තියෙනවා.
ආසියාවේ ආශ්චර්ය කරා රට වේගයෙන් යනවා. එය ජනතාවටත් විශේෂයෙන් තාරුණ්‍යයටත් අත් කර දීමටයි අප උත්සාහ කරන්නේ. අනිවාර්යයෙන් ඒ ප‍්‍රතිඵල ලැබෙනවා.
විදේශ රටවල් අධිරාජ්‍යවාදී රටවල් අපේ නායකයාගේ එඩිතරකම, පිරිපුන් බව ගැන බරපතළ ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් සිටින්නේ. විවිධ උපක‍්‍රම, කුමන්ත‍්‍රණ අපේ රාජ්‍ය නායකයාටත් රටටත් විරුද්ධව ඔවුන් ගෙන යනවා’
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment