- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Friday, February 21, 2014
රොහාන් ගුණරත්න නඩුවෙන් පරාදයි කැනඩා දෙමළ කොංග්‍රසයට බර වන්දියක්
කැනඩාවේ දෙමළ කොංග්‍රසය කොටි සංවිධානයට සම්බන්ධ කරමින් ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විශේෂඥයකු වන රොහාන් ගුණරත්න කළ ප්‍රකාශයකින් කැනඩාවේ දෙමළ කොංග්‍රසයට එරෙහි කැනඩාවේ ඔන්ටේරියෝ උපරිමාධිකරණය කැනඩා ඩොලර් පනස් තුන්දහසක් (රුපියල් හැටතුන්ලක්ෂ තිස්දහසක් ) වන්දි හා නඩු ගාස්තු ගෙවන ලෙස ගුණරත්නට නියම කළේය.
කොටි සංවිධානය කැනඩා දෙමළ කොංග්‍රසය නමින් කැනඩාවේ රැඳී සිටින බවත් එය කැනඩාවේ ප්‍රධාන කොටි පෙරමුණ බවත් 2011 පෙබරවාරී මාසයේ ලක්බිම නිවුස් ලිපියකින් ගුණරත්න කියා ඇතැයි උසාවියේදී කියැවිණි.
කැනඩා රජය මේ පිළිබඳව දන්නා බවත් ඒ ගැන පරීක්ෂණ පවත්වන බවත් ගුණරත්න ලියා ඇත.
ඕන්ටේරියෝ විනිසුරු ස්ටීවන් ඊ ෆියර්ස්ටන් කැනඩා දෙමළ කොංග්‍රසයට වාසි සහගත ලෙස තීන්දුව දෙමින් කැනඩා ඩොලර් තිස්හත්දහක වන්දියක් කැනඩා ඩොලර් දහසය දහසක නඩු ගාස්තු ගෙවන ලෙසද ගුණරත්නට නියම කළේය.
ගුණරත්නගේ ප්‍රකාශ පැහැදිලිවම සෘජුව හෝ වක්‍රව අපහාසාත්මක බවක් නීතී විරෝධී හා ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ බව ගම්‍ය වන බවත් විනිසුරු සඳහන් කළේය.
එම ප්‍රකාශ වැරැදි හා අසත්‍ය බව ඉතා පැහැදිළිව බව මතබේදයකින් තොරව පැවසිය හැකි යැයි ද විනිසුරු කීවේය.
දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා හා ත්‍රස්තවාදී පර්යේෂණ සම්බන්ධයෙන් සිංගපුරුවේ නැංයැං තාක්ෂණ සරසවියේ ජාත්‍යන්තර ප්‍රධානියා මහාචාර්ය ගුණරත්නයි.
ඔහු ශ්‍රී ලංකා රජය හා එක්ව මඩ ගසතියි කැනඩා දෙමළ කොංග්‍රසයේ ප්‍රකාශක ඩේවිඩ් පුපාලපිල්ලේ කියයි.
කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් තුන් ලක්ෂයක් පමණ නියෝජනය කරන ජනතා දෙමළ කොංග්‍රසය ශ්‍රී ලංකාවෙන් පිටත වැඩිම දෙමළ මහ ජනයා අයත් සංවිධානයයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment