යුද්දයේ අවසන් දින කිහිපයේ දින දෙකක සටන් විරාමයක් ජනාධිපතිවරයා විසින් ලබා දුන්නේ කොටි නායක ප්රභාකරන්ට පැනයන්න යයි ප්රජාතන්ත්රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ කළුතර පැවති අන හමුවක් අමතිමිනි. එහිදී ෆොන්සේකා මහතා මෙසේද කීය.
‘2009 වසරේ ජනවාරි මස අගදී ජනාධිපතිවරයා මට කිව්වා දවස් දෙකක සටන් විරාමයක් දෙමු කියලා. මම බෑ කිව්වා. ඒත් ඇහුවේ නෑ. තමන්ගේ හිතුමතේ පැය 48ක සටන් විරාමයට ප්රකාශයට පත්කළා. ඒකෙන් මොකද වුණේ.
31වැනිදා රැ ප්රභාකරන් යුද පෙරමුණේ ඉදිරි ආරක්ෂක වළල්ලට දැඩි ප්රහාරයක් එල්ල කළා. මගේ සෙබලූන්ට පසුබහින්න සිද්ධ වුණා. ඒක මම දකින්නේ බටහිර බලපෑම්වලට මේ රටේ නායකයා ප්රභාකරන්ට පැන යන්න දුන්න අවස්ථාවක් ලෙසයි.
ඒත් රටේ වාසනාවකටද කොහෙද ප්රභාකරන් පැන ගියේ නෑ. ඒ වෙනුවට ඔහු උත්සාහ කළේ අවස්ථාවෙන් ප්රයෝජන අරගෙන අට පහර දෙන්න. ඒ ප්රහාරයේදී මගේ සෙබළු 500ක් පමණ මිය ගියා. තවත් මීටර් 300ක් පසුබසින්න සිදුවුණා නම් අපි අදත් ඒ යුද්ධයෙන් පීඩා විදිනවා.
එදා මම මෙහෙයුම් මැදිරියට වී දින ගණනක් යුද්ධය මෙහෙයවලා පෙබරවාරි 04 පාන්දර කොළඹ ඇවිත් යන්තම් මුහුණ හෝදගෙන නිදහස් උත්සවේට සහභාගී වෙනකොට මේ නායකයා ජොලියේ කයිවාරු ගහනවා. ඒත් මම ඒ වෙලාවේ හිටියේ ඔළුව රත්වෙලා’
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment