BREAKING NEWS

රටතොට

Monday, January 27, 2014

තමන්ට ඕනෑවූ විට ගුවන් යානා ගෙන්වන එයාලංකා සභාපතියා....

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා නිශාන්ත වික්‍රමසිංහ, ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙකු ඔවුන්ගේ පෞද්ගලික සවාරියක් සඳහා ඉකුත් සතියේ සිංගප්පුරුව බලා පිටත් වී ඇත. 
 


සිංගප්පුරුවේ සංචාරය නිමවීමෙන් අනතුරුව නැවතත් ගුවන් තොටුපලට පැමිණි නිශාන්ත වික්‍රමසිංහ ඇතුළු පිරිසට දැනගැනීමට ලැබී ඇත්තේ සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාව බලා එන කාල සටහනට නියමිත ගුවන් යානය පැය දෙකක් පමණ ප්‍රමාදවන බවයි.

පැය දෙකක් ගුවන්තොටුපොළේ සිටීමට නොහැකි නිසා සභාපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමවෙත කතාකොට එම කාලසටහනට අනුව ක්වාලාලාම්පුර් වෙත පියාසර කරන ගුවන් යානය තමා ඇතුළු පවුල රැගෙන යාම සඳහා සිංගප්පුරුවට එවන ලෙස දන්වා ඇත.

සාමන්‍යයෙන් කාලසටහන් ගත කරනු ලැබූ ගුවන් යානා වෙනස් කල හැක්කේ ජනාධිපතිවරයා ඇතුළු ඉහලම ප්‍රභූන්ට පමණය. නමුත් නිශාන්ත වික්‍රමසිංහ ගුවන් යානා මීටර් ටැක්සියකට සමානව තක්සේරු කරන්නෙක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.

ඒ අනුව ක්වාලාලාම්පුර් වෙත ගමන් කල ගුවන් යානය ගමන් මග වෙනස්කොට සිංගප්පුරුව වෙත පැමිණ ඇත. ගුවන් යානයේ සිටි මගින් ගුවන් යානයේ ගමන් මග වෙනස් කිරීම පිලිබඳ දැනුවත් වී නොමැති අතර ඔවුන් ඒ පිලිබඳ දැනගෙන ඇත්තේ නියමිත ගමනට පැයකට වඩා කල් ගත වීමත් හා ඔවුන් සිංගප්පුරුවේ ගුවන් තොටුපොළේ නැවැත්වීමෙන් අනතුරුවය.

එහෙත් ගුවන් යානය සිංගප්පුරුවට පැමිණියේ නිශාන්ත වික්‍රමසිංහ ඇතුළු ඔහුගේ පවුල ගුවන් යානයේ රැගෙන යාමට බව බොහෝ දෙනා දැනගෙන නැත. පැය දෙකක ප්‍රාමාදය ඉවසිය නොහැකි වූ නිශාන්ත වික්‍රමසිංහ විසින් තවත් අතිරේක වියදම් රැසක් ජනිත කරමින් ගුවන් යානයක් සිය කැමැත්තට ගෙන්වාගෙන ඇත. 

පාඩු ලබන තත්වයේ පසුවන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මෙවන් අතුරු වියදම් අවසානයේ පියවෙන්නේ කාගේ මුදලින්ද යන්න සභාපතිවරයාට සිහි නොවීම කණගාටුවට කරුණකි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger