BREAKING NEWS

රටතොට

Thursday, January 9, 2014

රැප්ගේ ටිවිටර් ෆොටෝ...

යුද අපරාධ පිළිබද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ තානාපති ස්ටීවන් ජේ. රැප්ගේ මෙරට සංචාරය අතරතුර ගත් බව කියන ඡයාරූප කිහිපයක් හා ඊට යොදා තිබූ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් හේතුවෙන් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් කරුණු විමසීමට විදේශ කටයුතු අමාත්‍යාශය පියවර ගෙන තිබේ.


ගැටුම් සමයේ අවසන් මෙහෙයුම් පැවති මුලතිව්, පුදුමාතලන් ප‍්‍රදේශයේ අද සංචාරයක නිරත වූ රැප් මහතා එහිදී ගත් බව කියන ඡයාරූප ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිල ට්විටර් වෙබ් අඩවියේ ප‍්‍රචාරය කර තිබිණ. එහි එක් ඡයාරූපයක රැප් මහතා සහ මෙරට ඇමෙරිකානු තානාපතිනි මිෂෙල් සිසොන් සමඟ ‘නෝ ෆයර් සෝන් 2’හි පිහිටි පාසල හා රෝහල පැවැති ස්ථානයේ කළ සංචාරය යනුවෙන් එක් ඡයාරූපයක් දක්වා තිබිණ. එහි තවත් ඡයාරූපයක ශාන්ත අන්තෝනි කී‍්‍රඩාංගනය යන පුවරුව ද දක්නට ඇති අතර එහි සටහන්ව තිබුණේ ‘2009 වසරේ ජනවාරි මාසයේ ශී‍්‍ර ලංකා යුද හමුදාව එල්ල කළ ෂෙල් ප‍්‍රහාරයකින් පවුල් සිය ගණනක් මියගිය ස්ථානයක් ලෙසයි.’ මෙලෙස ඡයාරූපයට යොදා තිබූ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය ශ‍්‍රී ලංකා යුද හමුදාව ද ප‍්‍රතික්ෂේප කර තිබේ. කෙසේවෙතත් මෙම ඡයාරූපවල නෛතික බව හා මෙම ප‍්‍රකාශ සම්බන්ධයෙන් මෙරට රජය මගින් කරුණු විමසීම් හා පරීක්ෂණයක් සිදුකෙරෙනු ඇත.

ස්‌ටීවන් රැප්ගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය
ඇමරිකානු රජයේ යුද්ධ අපරාධ කටයුතු පිළිබඳ විශේෂ තානාපති ස්‌ටීවන් රැප්ගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන එකමුතුව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී ඊයේ (9 වැනිදා) උද්ඝෝෂණයක නිරත වූහ. එම උද්ඝෝෂණයේ අවස්‌ථා මෙහි දැක්‌වේ. 

ඡායාරූප - ජූඩ් ඩෙන්සිල් පතිරාජ
 

 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger