කාලයක් ධර්ම සාකච්ජා හා පොහෝ දින වල රූපවාහිනී නාලිකා වලට නැතිවම බැරි චරිතයක් වූ පිටිදූවේ සිරිධම්ම හිමියන් පසුගිය කාලයේ ඒවායේ දැකගැනීමට නොහැකි විය.
නමුත් මේ වනවිට උන්වහන්සේ උදෑසන ධර්ම සාකච්ජා සඳහා ඇතැම් නාලිකා වලට පැමිනෙනු දක්නට හැකිය. මේ පසුගියදා පිටිදූවේ සිරිධම්ම හිමියන් සමඟ කල සාකච්ජාවක් පුවත්පතක පලවී තිබුණා.
තරුණ පරපුර ලස්සනට අඳින්න විලාසිතා කරන්න කැමතියි. බුදු දහමෙන් මේ වගේ දේවල් ප්‍රතික්ෂේප කරනවද?
ලෝකයේ ලස්සනම රත්තරන් ආභරණය පැලඳුවේ කවුද? විශාකාව. කවුරුත් එපා කිව්වද? නෑ. ඕනෑම කෙනෙකුට ෆැෂන් කරන්න පුළුවන්. ඒකේ කිසි ගැටළුවක් නෑ.

විනය පිටකයේ තියනවා "භික්ඛුණී චන්ද" කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේදී ගැහැණු ළමයින්ගේ යට ඇඳුම් ගැන උන්වහන්සේ අනුදැන වැදෑරුවා. ඒ කියන්නේ ශාක්‍ය රාජ්‍ය කුමාරිකාවෝ අඳින්නේ ඒ විදිහට. ඒ ඇඳුම සංවර්ධනය වෙලා තමයි අද භාවිත වන ඇඳුම දක්වා ආවේ. බුදුහාමුදුරුවෝ කියන්නේ හැංගිච්ච චරිතයක් නෙවෙයි.

අනිවාර්යෙන්ම. "ශේඛියා ශික්ෂා පද" කියලා කොටසක් තියනවා. කන බොන විදිහ තමයි පෙන්වා දීලා තියෙන්නේ. ඒ ආකරයටම තමයි අද අපි ආහාර වළඳන්නෙත්.
ඔබ වහන්සේ දරා සිටින සිවුරේ පැහැය තීරණය වුනේ කොහොමද?
මුල් බුදු සමයේ තියෙන්නේ කහ පැහැය කියලා. මට අවබෝධ වුන දෙයක් තමයි යම් කෙනෙක්ට ඔය නිවන දකින්න ඕනෑ නම් ගෝල්ඩන් යෙලෝ පැහැය අඳිය යුතුයි. බුදු හාමුදුරුවෝ පෙරෙව්වා කියන්නේ බොහෝ විට කසී සළු. බුද්ධවංශ පාලියේ තියනවා කෝනාගම බුදුහාමුදුරුවන්ට චීනෙන් ගෙනාපු පටසළුත්, රන් සෙරෙප්පු දෙකකුත් තිබුනා කියලා.

ජීවිතයේ සියල්ල විඳලා ඉවර වුන කෙනෙක් පමණයි චීවරය පෙරවන්න ඕනේ. සියල්ල සම්බන්ධයෙන් කල කිරිලා ජීවිතයේ ඇති අඩුව වහන්න ලෞකික ලෝකයේ ඇති සියල්ල අත්විඳලා එපා වුන කෙනෙක් තමයි සිවුරක් පොරවන්න ඕනේ.

Post a Comment