BREAKING NEWS

රටතොට

Saturday, January 4, 2014

ශ්‍රීපාද මළුවට ප්‍රථම වරට ගුවනින් භාණ්ඩ රැගෙන ගිය අයුරු...

ශ‍්‍රි පාද මළුවේ දැනට ඇති දොළොස්මහේ පහන වෙනුවට කිලෝ ග්‍රෑම් 7613 ක බරකින් යුත් තනි කළු ගලින් නිමකල දොලොස්මහේ පහන ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයකින් ශ‍්‍රි පාද මළුව දක්වා අද උදෑසන රැගෙන ගොස් ඇත. 



මීට අමතරව කිලෝ 9500 ක බරකින් යුත්ත අලූතින් නිම කරන ලද ඝාණ්ඨාර කුලුනක්ද ශ‍්‍රි පාද මළුවේ ස්ථාපත කිරිම සදහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානය මගින් රැගෙන යනු ලැබීය.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන හෙයින් ලබන 5 වැනිදා තෙක් උදේ 6 සිට සවස 6 දක්වා ශ්‍රී පාදය කරුණා නොකරන ලෙසත් රාත්‍රී කාලයට කරුණා කරන ලෙසත් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ මහජනතාවගෙන් ඉල්ලීමක් කොට ඇත. 

භාණ්ඩ ගෙන ගිය අවස්ථාවේ ජයාරූප පහතින් බලන්න 


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger