BREAKING NEWS

රටතොට

Monday, January 20, 2014

කොටින්ට යළි පණ දෙන්න රට වටේ සොරකම් කරමින් සල්ලි යවයි

කොටි සංවිධානය යලි නගාසිටුවිම සඳහා රට පුරා විවිධ ප‍්‍රදේශවල මහ පරිමානයෙන් විවිධ සොරකම් සිදුකරමින් භාණ්ඩ හා මුදල් සැපයු බවට සැකකෙරෙන තිදෙනෙකු වත්තල සහ වැල්ලවත්ත ප‍්‍රදේශවලදි අත්අඩංගුවට ගෙන තිබේ.

ත‍්‍රස්තවාදි ක‍්‍රියා සහ මත්කුඩු ජාවරම් දැනට මහර බන්ධනාගාරයේ සිටින ‘සිවා’ නමැත්තා විසින් මෙම සොරකම් මෙහෙයවා ඇති බවට තොරතුරු හෙලිවි ඇති අතර සොරකම් කරන ලද භාන්ඩ අලෙවි කර එම මුදල් වලින් කොටසක් ඔහුටද තවත් කොටසක් පිටකොටුවේ ව්‍යාපාරිකයකු හරහා යාපනය, පුදුකුඩුඉරිප්පු, වව්නියාව, වල්ලිපුලම්, මාන්කුලම්, කහටගස්දිගිලි යන ප‍්‍රදේශ වල හිටපු කොටි සාමාජිකයන් වෙත ද යවන බවටද පොලිසියට තොරතුරු ලැබි ඇත.
ත‍්‍රස්තවාදය වැලැක්විමේ ආඥා පනත යටතේ දින 30ක රැදවුම් නියෝග මත සැකකරවන් දෙදෙනා රඳවාගෙන පොලිසිය ප‍්‍රශ්න කරගෙන යයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger