BREAKING NEWS

රටතොට

Tuesday, January 14, 2014

බොර දියේ මාළු බාන්න තම්බි සෙට් එකක් වලිකන වගයි...

භික්‍ෂූන් වැරදි කරනවා, ගැහැණු හෙළුවෙන් නටනවා නම් බුරුකාව, නිකාබය වැරදි ඇයි
බෞද්ධ දර්ශනයක් තිබෙන මේ රටේ මුස්ලිම් කාන්තාවන් බුර්කාව හා නිකාබය ඇඳීම වැරැදි ලෙස පෙනෙද්දී හෝටලවල, ක්ලබ්වල කාන්තාවන් නිරුවත්ව නර්තනයේ යෙදීම වැරැදි ලෙස නොපෙනෙන්නේ මන්දැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය බොදු බල සේනා සංවිධානයෙන් ප්‍රශ්න කරයි.

හලාල්, බුර්කාව හා නිකාබය තහනම් කළ යුතු බවට බොදු බල සේනා සංවිධානය කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හසන් අලි ඉහත ප්‍රශ්නය මතු කෙළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.
‘බොදු බල සේනා සංවිධානය හලාල් සම්බන්ධයෙන් රටේ වැරැදි මතයක් ගොඩනඟමින් තිබෙනවා. හලාල් ආහාර ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලු ජනතාවට අනුභව කරන්න කියලා අපි කියලා නැහැ. ඔවුන්ට අපට හලාල් ආහාර අනුභව කරන්න එපා කියල කියන්නත් බැහැ.
අනෙක හලාල් සහතික අපනයන ආහාරවලට අවශ්‍ය නම් පමණක් ලබාදෙන්න. මේ රටට හලාල් එපා කීමේ සාධාරණය කුමක්ද? අපනයන පමණක් කැප හලාල් සහතිකය මෙරට මුස්ලිම් ජනතාවට විතරක් අකැප ඇයි? මෙරට හලාල් ආහාර අවශ්‍ය මුස්ලිම් අපට විතරයි.
හලාල් විතරක් නෙවෙයි බොදු බල සේනා සංවිධානය අපගේ මුස්ලිම් කාන්තාවන් අඳින බුර්කාව හා නිකාබයත් තහනම් කරන ලෙස ඉල්ලනවා. බුර්කාව හා නිකාබය ඇඳගත් එක් අයකු දෙදෙනකු හොරකම් මැරකම් කළාට ඒවා ඇඳගත් සියලු මුස්ලිම් කාන්තාවන් වැරැදි වැඩ කරන්නේ නැහැ. එම ඇඳුම් ඇඳගෙන කවුරු හෝ වැරැදි වැඩ කළානම් ඒ අය කවුරු වුණත් දඬුවම් ලබාදිය යුතුයි. දඬුවම් ලබාදෙන්න එපා කියලා අපි කියලා නැහැ.
මේ රටේ මිනී මරනවා. ජාවාරම් කරනවා. දූෂණ සිද්ධ වෙනවා. ඒවා මේ අයට පේන්නේ නැහැ. බෞද්ධ දර්ශනයේ මනුෂ්‍යයා දකින්නේ මනුෂ්‍යත්වයෙන්. ජාතීන් අනුව නොවේ. පව සහ පින කාටත් එක සමානයි. අද මේ රටේ මිනී මරන්නේ අර ජාතිය මේ ජාතිය කියලයි. මොකක්ද මෙතැන තිබෙන සාධාරණය.
නිකාබය, බුර්කාව විතරක් නෙවේ සිවුර ඇඳගත් සමහර භික්ෂුන් වහන්සේ වැරැදි කරන්නේ නැද්ද? ඒ කියලා මුළු සංඝ සමාජයටම අපට ‍ෙදාස් පවරන්න පුළුවන්ද? බැහැ. ඇතැම් විදෙස් රටවල නම් වැරැදිවලට නිසි දඬුවම් ලබාදෙනවා. එහෙත් මේ රටේ එහෙම දඬුවම් ලබාදීමක් සිදු වන්නේ නැහැ. ඒ නිසා සිදුවන වැරැදි දිනෙන් දිනම වැඩිවෙනවා’
- ලක්ෂ්මී ජයකොඩි / Mawbima

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger