Tuesday, January 14, 2014
වටේ යාම සහ ජනතාව ඇන්දවීම
ලකී ගේ දුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේදිනවල ජනප්‍රිය චරිතයකි.
ඒ මැද කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායකවරිය ලෙස ඇයව පත් කෙරුණ නිසාය.
හිරුණිකාට හදිස්සියේ ලැබුණ මේ තනතුර ගැන නොයෙක් කතා තිබේ.
පැපාට ලැබෙන ආරංචි අනුව ඇයට මේ තනතර දී ඇත්තේ ඩීල් එකක ප්‍රතිඵලයක් ලෙසය.
ඒ දුමින්ද හා හිරුණිකා අතර වන්ටු වන් ඩීල් එකක ප්‍රතිඵලයක් මතය.
මේ ඩීල් එකේ කළඑලි මංගල්‍ය යෙදී ඇත්තේ 16 වැනිදාටය.
එදාට හිරුණිකාගේ තාත්තා (භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර) නැත්නම් ලකීගේ ඝාතනයට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධ ද නැත්ද යන්න පිළිබඳ සෘජු තීන්දුවක් දීමට නියමිතය.
හිරුණිකා හා දුමීගේ ඩීල්එක අනුව දුමින්ද ඉන් නිදොස්කොට නිදහස් කිරීමට නියමිතය.
මේ තින්දුවේ වන්දිය ලෙස දුමී හිරුණිකාට රුපියල් මිලියන 200ක් ලබාදීමට නියමිතය.
ඒ මුදල් ඇය වියදම් කිරීමට තීන්දුකර ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ ඡන්ද ව්‍යාපාරය සදහාය.
(හිරුණිකා බස්නාහිර පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට නියමිතය)
මේ රංගනය එතැකින්ද නිම නොවේ.
දුමීගේ නිදහසට හිරු TV හා හිරු FM දැන්ම තියාම ලක ලැහැස්ති වී සිටී.
පැපා මේ ඩීල් එකේ වත ගොත හෙලි කිරීමෙන් පසුව අදාල නඩුවේ තීන්දුව දෙන දිනය කල් යාමේ අවදානමක් තිබෙන බව මතක් කරන්නේ කනගාටුවෙනි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment