BREAKING NEWS

රටතොට

Saturday, January 25, 2014

මට දීලා බලන්නකෝ. අපිත් හොඳට කරනවා...

එක්සත් ජනතා නිදහස් සංධානයේ නාමයොජනා මණ්ඩලයට පසුගියදා නළු නිළියන් හා ගායිකාවන්ද පැමිණ සිටියේ සම්මුඛ සාකච්ජා සඳහාය.එහිදී පෙනී සිටි ජින්ජර් පවසා සිටියේ දුමින්ද සිල්වා ඇයට උදව් කරන බවත්, මේ සියල්ලම තමන්ට පුරුදු කළේ දුමින්ද සිල්වා බවත්ය.


 ජින්ජර්  පොඩ්ඩක්  එහා මෙහා  උව හොත්  ලොසින්ජර් ය.... සිරින්ජර මගින් හෙරොයින් එන්නත් කරගන්නා ජින්ජර් අද අපේ මැතිවරණ  වේදිකාවේය....රටට ගිය කළෙක මහිම...!!!  පසු ගිය  කාල  වකවානුවේදී   මැය  ලංකාවේ  නම ගිය  පාතාළයෙකු  සමග  එක ගෙයි  කෑවේය.. පාතාළයන්  කිහිප දෙනෙකු  සමගම  සමීප සබඳතා තිබූ ගැහැණියෙකී....මත්ද්‍රව්‍ය  බෙදා හැරීමේ  මාෆියාවේ  නැණ පහණක්  වන  කුප්‍රකට  දුමින්ද සිල්වා   මැයට  දේශපාලනයට  ඒමට  අතදී  ඇතැයි  ඈ  පවසයි...ලංකාවේ  කුඩු  බෙදා හරින  ජාලයේ  ඇති  සවිය  මින් පැහැදිලිවේ...රටේ  අනන්තවත්  මනා  උගත් කම්  සහිත  තරුණ තරුණියන්  රැකියා  නොමැතිව අන්ත අසරණවී  සිටියදී  ..අද දේශපාලනයට  පිවිස  හෙට  පාර්ලිමේන්වට  යන  මෙවැනි  සූකර වැස්සියන් අනිද්දා  අප  රට  ජනතාව  හැසිරවීමට  උත්සහ ගන්නවා  ඇත...අද  අපේ රටේ අධ්‍යාපනයේදී  උසස්පෙළට  දේශපාලන විද්‍යාවද එක් විෂයකී....අඩුම තරමේ  එම සිසුන්  ලැබූ  දැනුමවත්  ඇති  ඇමැත්තෙක්  සොයා ගැනීම  අපහසුය....මහත්වරුණී  මේ බාල්දු වෙමින් යන්නේ  ඔබේත් මගේත්  රටය....දැන්වත් ඔබගේ  දෑස්වසා  ගත්   කොළ ,නිල්‍ ,රතු  පැහැ ඉවත්  කොට  විවෘත  දෙනෙතින්  සිදුවී ගෙන යන්නාවූ  මහා  ව්‍යසනය  තේරුම් ගන්න...ඔබ විදේශයක  ජීවත් වන්නේ නම්  කරුණාකර  ඔබේ  අප රටේ  ජීවත්වන  පවුලේ අයට  නෑදෑ  හිතවතුනට  මේ  සත්‍යය  පහදා  දෙන්න...එවැනි  පුස් චරිත වලට  නොරැවටෙන  ලෙස  එක  ඡන්දයක්  හෝ  ලබා  නොදෙන මෙන්  ඉල්ලා  සිටින්න   මේ වන විට  ඔබට  කළ හැක්කේ  එය  පමණය.උපන්  බිම වෙනුවෙන්  එය අප්‍රමාදව ඉටුකරන්න...
ලංකානිව්ස්


කොළඹ ඉන්න මුස්ලිම් නායකයෝ කවුද...? යන්න ඇගෙන් විමසා සිටි විට ඇය විසින් මියගිය මොහොමඩ් මහරූෆ් ගේ නමද පවසා ඇත.

අනතුරුව පැමිණි නාමල් උඩුගමගේ බිරිඳ වූ රුවන්ති මංගලා පවසා ඇත්තේ තමන්ට ඇමතිවරුන් දෙතුන් දෙනෙක්ම උදව් කරන බවයි. එහිදී එස්බී දිසානායක අමාත්‍යවරයා පවසා ඇත්තේ හැබැයි ඉතින් ආපහු ඒ ගොල්ලන්ටත් උදව් කරන්න වෙයි යනුවෙනි.
ජින්ජර් හා නාමයෝජනා මණ්ඩලය අතර සිදුවූ කතා බහ මෙසේය
මණ්ඩලය: ඔබට දේශපාලනයට එන්න තියන සුදුසුකම මොකක්ද? ජින්ජර්: මට දීලා බලන්නකෝ. මම හොඳට කරනවා.
මණ්ඩලය: ඔයාට දේශපාලනයට එන්න කවුද උදව් කළේ? ජින්ජර්: මම 2004 ඉඳන් දුමින්ද සිල්වා මැතිතුමා සමඟ දේශපාලනය කරනවා. මට ඔක්කොම පුරුදු කළේ එයා.
මණ්ඩලය: ඔයා මොහොමඩ් මංත්‍රීතුමාගේ කවුරුහරිද? බැල්මෙන් පේන්නේ ඒ වගේ.. ජින්ජර්: නැහැ මම බර්ගර්. මට සුළු ජාතික ජන්ද ගන්න පුළුවන්
මණ්ඩලය: කොළඹ බර්ගර් අය ගොඩක් ඉන්නවද? ජින්ජර්: මම බර්ගර් වුණාට බැඳලා ඉන්නේ මුස්ලිම් කෙනෙක්.
මණ්ඩලය: කොළඹ ඉන්න මුස්ලිම් නායකයෝ කවුද? ජින්ජර්: ඔබතුමා ඉන්නවා (අස්වර්), එල ෆවුසි ඉන්නවා. සමාවෙන්න ෆවුසි ඇමතිතුමා. මොහොමඩ් මහරූෆ්
මණ්ඩලය: එයා දැන් නැහැනේ? ජින්ජර්: එයා හිටියා නම් මම උදව් කරනවා. දුමින්ද සිල්වා මංත්‍රීතුමාගේ සහය මට තියනවා.
අනතුරුව පැමිණි රුවන්ති මංගලා හා නාමයෝජනා මණ්ඩලය අතර සිදුවූ කතා බහ මෙසේය
එස්.බී: ඔයාට දැන් වියදම් කරන්න සල්ලි තියනවද? රුවන්ති: මහත්තයා වියදම් කරනවා
එස්බී: වියදම් කරනවද? (නාමල් උඩුගමගෙන් අසයි) නාමල් උඩුගම: මෙයා ආවොත් වියදම් කරන්න වෙනවනේ.
එස්බී:  ඔයාට සහයෝගය දෙන්නේ කවුද?
රුවන්ති: මට ඇමතිවරු දෙතුන් දෙනෙක්ම උදව් කරනවා

එස් බී: හැබැයි ඉතින් ඒ ගොල්ලන්ටත් උදව් කරන්න වෙයි !



අසන්න  දකින්න   මැය ගේ  ගීත ... කර ඇති සමාජ සේවය ... විළි ලැජ්ජය .....අද  ඡන්දය ලබා  දේශපාලනයට  එන්නේ  මෙවැනි   මෙළෝ රහක්  නැති  මී ගොන් වැස්සියන්‍ ය.....ඔබගේ  දෙනෙත්  මෙතෙක් වැසී තිබූයේ නිල් පාටින්  නම්      මේ දැන්ම  අඳුරින් මිදෙන්න...එය රටේ , ජාතියේ අවශ්‍යතාවයයි...


 




Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger