Monday, December 16, 2013
මන්ත්‍රී මිල්රෝයි පෙරේරා පාසල් දැරිය අතවරයට ලක්‌කිරීම....
කැලණිය සන්ධාන මන්ත්‍රී අතවර චෝදනාවට දැලේ.....
කදාන ප්‍රදේශයේ පාසල් දැරියකට අතවර කිරීමේ චෝදනාව මත කැලණිය ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මිල්රෝයි පෙරේරා කදාන පොලිසිය විසින් පෙරේදා (15 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.
කදාන උස්‌වත්ත ප්‍රදේශයේ නිවසක සිටි පිරිසක් හමුවීමට පැමිණි මන්ත්‍රීවරයා එහි සිටි පාසල් දැරිය අතවරයට ලක්‌කිරීමට උත්සාහ කිරීමේ හා හිරිඔතප් බිඳීම් චෝදනා මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. 18 හැවිරිදි එම ශිෂ්‍යාව කොළඹ ජනප්‍රිය පාසලක අධ්‍යාපනය ලබන්නීය.
මන්ත්‍රීවරයාට එරෙහිව ලැබී තිබූ පැමිණිල්ල අනුව කදාන පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ පැවැත්වූ කදාන ළමා හා කාන්තා කාර්යාංශ ඒකකයේ නිලධාරීහු මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.
අත්අඩංගුවට පත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා (16 දා) මීගමුව මහෙස්‌ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Subscribe to:
Post Comments
(
Atom
)


Post a Comment