ගීතා දේශපාලනයට නුසුදුසු බව ඇයම ඔප්පු කර තිබෙනවා...
- පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න
ගීතා කුමාරසිංහ දක්‍ෂ නිළියක් බවට විවාදයක් නෑ. නමුත් ඇය බෙන්තර ඇල්පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලනයට සුදුසු නැති බව පසුගිය වසර කිහිපය තුළ ඇය විසින්ම ඔප්පු කර තිබෙනවා යෑයි දකුණ පළාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න (එ.ජ.නි.ස.) මහතා පැවසීය.
ගීතා කුමරසිංහ බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සිවු දෙනකු ද සමග ඇල්පිටිය නගර මධ්‍යයේදී මේජර් අජිත් ප්‍රසන්න මහතා පෙරේදා (15 දා) මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.
මෙම උපවාසයේ යෙදී සිටින අතරවාරයේ ඊයේ අප සමග අදහස් දැක්‌වූ දකුණු පළාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න මෙසේද පැවසීය.
මමත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන සරත් අල්විස්, නලින් ප්‍රියදර්ශන, එ. ජී. සාගරතිලක, කේ. එ. බී. සුමිත් (ස්‌වාධීන) යන මන්ත්‍රීවරුන් මෙම උපවාසය පසුගිය 15 වැනිදා ආරම්භ කළේ ඉවසලා ඉවසලා බැරිම තැනයි. එ වගේම බෙන්තර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසකුත් මෙම උපවාසයට එකතුවීමට නියමිතව තිබෙනවා. අපි ඉල්ලන්නේ මේ සංවිධායකවරිය ඉවත් කරන්න කියලයි.
බෙන්තර හා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් සංවිධායකවරියට විරුද්ධයි. බෙන්තර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාට කෝපිවලින් ගැහුවා. ගාල්ලේ ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයකු වන ගුණරත්න වීරකෝන් සීනි ඇමැති කියල අපහාස කළා. පෞද්ගලිකව මට ඊයේ සම්බන්ධීකරණ කමිටුවේදී අපහාස කළා. මේ වෙලාවේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් උසස් රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් හිටියා. මේ තත්ත්වයටයි අපි විරෝධය පළ කරන්නේ.
මේ පිළිබඳව බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධාන සංවිධායිකා ප්‍රවීණ සිනමා නිළි ගීතා කුමාරසිංහගෙන් අප කළ විමසුමකදී ඇය මෙසේ කීවාය.
මා වසර තුනක් ඇල්පිටිය සම්බන්ධීකරණ කමිටුවට ගියා. ගැටලුවක් මතු වුණේ නෑ. දැන් ඇයි මේ මම සම්බන්ධීකරණ කමිටුවට ආවා කියලා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ?
මම ඊයේ වෙනත් රැස්‌වීමකට ගිහිල්ලා මදක් ප්‍රමාද වෙලයි සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමට ආවේ. එහිදී අජිත් ප්‍රසන්න මන්ත්‍රීවරයා මට කීවා මෙතැනට එන්න කිසිම අයිතියක් නැති තැනැත්තියක් මෙතනට ඇවිත්, වහාම යන්න කියා.
එහිදී මම කීවා එ තැනැත්තිය නම් කරන්න කියලා. එහිදී අජිත් ප්‍රසන්න මට තදින් බැණගෙන ගියා. මා කීවා ඔබ තමයි මේ රටේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න කැසිනෝ වෙනුවෙන් පෙනී ඉන්නෙ කියලා. එහිදී ඔහු මට දරුණු ලෙස අපහාස කළා. මේ වෙලාවේ ගුණරත්න වීරකෝන් ඇමැතිතුමා මෙයා එක්‌ක මේක කරන්න බෑ කියලා නැගිටලා යන්න ගියා.
මා දකුණේ මහ ඇමැති වෙනවා කියලා කියපු දවසේ ඉඳලා මොවුන් මට පහර දෙනවා.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment