BREAKING NEWS

රටතොට

Sunday, December 29, 2013

හිටපු ඇමරිකානු තානාපති උතුරේ සිංහලයන්ට එරෙහි වේ…


වත්මන් ශ‍්‍රී ලංකා රජය යටතේ උතුරේ දෙමළජනයාගේ අයිතීන් අහිමි වන බවටත් උතුරේ දෙමළ ගම්මාන ආශ‍්‍රිතව සිංහල ගම්මාන ඇති කිරීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බවටත් කලකට පෙර ශ‍්‍රී ලංකාවේ හිටපු ඇරිකානු තානාපතිවරයෙකු වූ ඈෂ්ලි විල්ස් චෝදනා කර ඇත.



ඔහු මෙම චෝදනාව නගා ඇත්තේ ඇමරිකානු කොංග‍්‍රස් සභාව විසින් ශ‍්‍රී ලංකාවේ ජාතික හා ආගමික නිදහස ඇත්දැයි යන්න සොයාබැලීම සඳහා පත් කරන ලද විශේෂ කොංග‍්‍රස් කමිටුව හමුවේ සාක්‍සි දෙමිනි.

ඇමරිකාවේ ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පක්‍ෂ දෙකේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීන් දෙදෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වන මෙම කමිටුව හමුවේ සාක්‍ෂි දුන් හිටපු තානාපතිවරයා තවදුරටත් කියා ඇත්තේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් කරන ලද බලය බෙදීම වත්මන් රජය දුර්වල කරමින් සිටින බවයි.

හිටපු තානාපතීන්ට අමතරව ඇමරිකාවේ රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් සහ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් එහි සාක්‍ෂි දී තිබේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger