යුධ හමුදා මේජර්වරයෙකුට අනුරාධපුර යාපනය හන්දියේදී පහර දී බරපතල තුවාල සිදු කර ඔහු පැළඳ සිටි වටිනා රන් මාලයක් පැහැරගෙන ගිය බව කියන හිටපු පළාත් සබා ඇමතිවරයෙකුගේ පුත‍්‍රයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්‍ෂණ පවත්වයි.
තමන් යතුරු පැදියෙන් මාර්ගයේ ගමන් ගන්නා විට අධික ලෙස බීමත්ව සිටි මෙම පුද්ගලයන් පිරිස තමන්ට පහර දී ගෙල තිබූ රන් මාලය පැහැරගත් බවත් තමා ඔවුන් හඳුනාගත් බවත් මේජර්වරයා පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
හිටපු පලාත් ඇමතිවරයාගේ පුත‍්‍රයා මීට පෙරද පහරදීම් සම්බන්ධයෙන් අවස්තා කිහිපයකදීම අත්අඩංගුවට පත්ව රක්‍ෂිත බන්ධනාරගාරගත කරන ලද අයෙක් යයිද පොලීසිය කියයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment