BREAKING NEWS

රටතොට

Wednesday, December 4, 2013

සෙසු ගායක ශිල්පින් පාවාදුන් සමන් පිම්පියෙක් ....

අද දිනයේදී  ඔහුට පහරදුන් බින්දු නමැති දේශපාලන පැඟරි නාට්ටා  හට අතට අතදී  සියළු  ගායක ගායිකාවන් ගේ සහය පාවා දුන් බව ජේෂ්ඨ ගායකයෙකු ලංකානිව්ස් වෙතට සිය අදහස් දක්වා සිටියේය ....
බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේ පිට්ටනියේ සංගීත සංදර්ශනයක් අතරතුර දී ගායක සමන් ද සිල්වාට පහර දුන්නැයි සැකපිට අද පොලිසියට භාර වූ දකුණු පළාත් සභා ඇමැති බිංදු වීරසිංහ බොරැල්ල පොලිසියේ දී ගායක සමන් ද සිල්වාගෙන් සමාව ගැනීමෙන් පසු දෙපාර්ශ්වය සාමාදාන වූ බව පොලිසිය කියයි.
සිංහල සිරිතට අනුව අචාර කළා හැර සමාව ගැනීමක් සිදු නොකළ බව පළාත් ඇමැති වීරසිංහ  කියයි. 
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා ප්‍රසිද්ධියේ පහරදීම සම්බන්ධයෙන් දකුණු පළාත් සභා කෘෂිකර්ම ඇමැති බින්දු වීරසිංහ  විරුද්ධව කරන ලද පැමිණිල්ල බොරැල්ල පොලිසියේදී ඊයේ (04 වැනිදා) විභාග කරද්දී දෙපාර්ශවයේම එකඟතාව මත එම පැමිණිල්ල සමථයකට පත් කරගෙන ඇත.

පහරදීම සම්බන්ධයෙන් ඇමැතිවරයා සමන් ද සිල්වා මහතාගෙන් සමාව ගත් අතර දෙපාර්ශවයම අතට අතදී පැමිණිල්ල සමථයකට පත් කරගෙන තිබේ.

බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායකගේ ප්‍රධානත්වයෙන් මෙම පැමිණිල්ල ඊයේ සවස බොරැල්ල පොලිසියේ දී විභාග කෙරිණි.

ගායන ශිල්පී සමන් ද සිල්වා  සමග මධුමාධව අරවින්ද, බුද්ධික රඹුක්‌වැල්ලද පොලිසිය වෙත පැමිණ සිටියහ.

මේ අතර ඇමැති බින්දු වීරසිංහද සිය ආධාරකරුවන් කීපදෙනෙකු සමග පොලිසිය වෙත පැමිණ සිටියේය.

මෙහිදී දෙපාර්ශවය කැඳවා ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව කරුණු විමසා බලා දෙපාර්ශවය සමගි කර පැමිණිල්ල සමථයකට පත් කිරීමට අනුර සේනානායක පියවර ගෙන ඇත.

වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ ඉකුත් 30 වැනිදා රාත්‍රී පැවැති සංගීත සංදර්ශනයක්‌ අතරතුරදී වේදිකාවේ සිටි සමන් ද සිල්වා  පළාත් ඇමැතිවරයා, පහරදුන් බවට බොරැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක්‌ ලැබී තිබිණි.

එහෙත් ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ සමන් ද සිල්වා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක්‌ පිළිබඳව තමන් ඔහුගෙන් ප්‍රශ්න කළ බවත් පහරදීමක්‌ නොකළ බවත්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කළ අතර පළාත් ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්‌ද ලබා ගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන්  ප්‍රකාශයක්‌ කරමින් අනුර සේනානායක  කියා සිටියේ දණ්‌ඩනීති සංග්‍රහයේ 266 වැනි වගන්තියට අනුව මෙහිදී එල්ල වී තිබූ චෝදනා සමථයකට පත්වීමට හැකි චෝදනා බවයි.

ඒ අනුව දෙපාර්ශවය කැඳවා කරුණු අවබෝධ කර දී ඔවුන් සමථයකට පත් කිරීමට කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා කීය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger