BREAKING NEWS

රටතොට

Sunday, December 15, 2013

‘මිස් ශ්‍රීලංකා ඉන් ඉතලී‘


ඉතාලියේ ජිවත්වන ලාංකිකයන්ගේ දෙවැනි පරපුරෙන් සැදුම්ලත් ලෝටස් සමාජය විසින් ප්‍රථමවතාවට පැවැත්වූ ‘මිස් ශ්‍රීලංකා ඉන් ඉතලී‘ රූ රුජින තේරිමේ මිලානෝ මල්පෙන්සා ෂැරටන් හෝටලයේදී පැවැත්විණි.


ඉතාලි සහ ලාංකික විශාල පිරිසක් ඉදිරිපිට පැවැත්වූ මෙම තරඟයේ සංවිධායක මණ්ඩලය විසින් කලින් තෝරාගන්නා ලද තරඟකාරියන් දාහතර දෙනෛකු අතරින් ප්‍රථම ,දෙවන හා තෙවැනි ස්ථාන පිළිවෙලින් දිනාගනු ලැබුවේ රෝම නගරයෙන් පැමිණි දුලාන්ජි පිටර්සන්, ලූකා නගරයෙන් පැමිණි තේනගේ නිමේෂි පියෝනා හා මිලානෝ නගරයේ සජනා දිසානායක යන තරුණියන් විසිනි.




ව්‍යාපාරික ප්‍රජාවකගේ අනුග්‍රහයෙන් පැවති මෙම වැඩසටහනේ නැටුම් හා කලා නිර්මාණ අධීක්ෂණය කළේ ප්‍රවීන නර්ථන ශිල්පී චන්න විජේවර්ධන මහතා යි.
 සමන්ත විජෙසිරි 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger