දෙමළ ජාතික සන්ධානය විසින් උතුරු පළාත තුල සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම ප‍්‍රතික්‍ෂෙප කිරීම සම්පූර්ණයෙන්ම නිවැරදි යයි ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා ඇමති වාසුදේව නානයක්කාර පවසයි.
ඔහු සඳහන් කලේ ජාතික ගීයේ සිංහල හා දෙමළ පද මාලා ව්‍යවස්ථාවේම සඳහන්ව ඇති බවයි.
ඒ අනුව තම භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම මුලික මිනිස් අයිතිවාසිකමක් යයිද කී ඒ මහතා එය කඩකිරීමක් වුවහොත් ඊට එරෙහිව තමන්ට ක‍්‍රියාත්මක විය හැකි යයිද කීවේය.
ඇමතිවරයා සඳහන් කරන පරිදි ව්‍යවස්ථාවේ අදාල වගන්තිය ඇත්තේ කොතැනදැයි අප කල විමසීමට ඔහු පිළිතුරු දුන්නේ මෙසේය.
ශ‍්‍රී ලංකාව අතීතයේ පටන් දෙමළ රටක් යයි දෙමළ සන්ධාන මන්ත‍්‍රීවරුන් කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් නානායක්කාර ඇමතිවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් අදහස් පල කිරීමට තමන් පුරා විද්‍යාඥයෙක් හෝ ඉතිහාසඥයෙක් නොවන බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment