Monday, December 23, 2013
හොරණ තානායමේදී හිටපු නගරාධිපති පුද්ගලයන් දෙදෙනකුට පහර දෙයි..
හොරණ තානායමේදී ඊයේ අලුයම පුද්ගලයන් දෙදෙනකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හොරණ නගර සභාවේ හිටපු නගරාධිපති සහ බස්නාහිර පළාත් සභාවේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති රෝහණ කුලසිරි නමැති අය සහ තවත් දෙදෙනකු හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කෙළේ එම සැකකරුවන් ඊයේ හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් සහ රුපියල් දහදහසක මුදල් ඇපයක් මත මුදාහැර ඇති බවයි.
පහරකෑමට ලක්වූ පුද්ගලයන් දෙදෙනා හොරණ සහ කළුබෝවිල රෝහල්වලට ඇතුළත් කොට තිබේ.
හොරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment