පොලිස් නිලධාරීන්ට බෝම්බ ගසා සහායක ඝාතනය කිරීම නඩුව
හතර දෙනා එල්ලුම්ගස්
පොලිස් ආරක්‌ෂක සහායකවරයකු ඝාතනය කිරීම, අත්බෝම්බයක් පුපුරවා පොලිස් නිලධාරීන් සිවු දෙනකු ඝාතනය කිරීමට තැත්කිරීම යන චෝදනාවන්ට වරදකරුවන් වූ චූදිතයන් සිවු දෙනකුට (20 දා) මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එච්. කුලතුංග මරණීය දණ්‌ඩනය නියම කළේය.
මෙසේ මරණීය දඬුවම් නියම වූයේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අලංකාරදේවගේ ප්‍රසන්න දිසානායක, අලංකාරදේවගේ රොෂාන් දිසානායක යන දෙසොහොයුරන්ට හා හේමන්ත ධම්මික කුමාර හෙවත් රවි, ආර්.ඒ. පුෂ්පකුමාර හෙවත් පැට්‌ටා යන අයටය.
බඩල්කුඹුර පොලිස් බල ප්‍රදේශයට අයත් බුත්තල බඩල්කුඹුර ප්‍රධාන මාර්ගයේ වේරගොඩ ප්‍රදේශයේදී 2002 ජුනි මස 14 දා බුත්තල ව්‍යාපාරිකයකුගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන පලා යමින් සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් කණ්‌ඩායමට අත්බෝම්බයක් එල්ල කර බඩල්කුඹුර පොලිසියේ ආරක්‌ෂක සහායක ජෝර්ජිගේ ජයසිරි නමැති අයගේ මරණය සිදුකිරීම, පොලිස් පරීක්‍ෂක ආර්. ඇම්. ප්‍රියංක රත්නායක යන අයට තුවාල සිදුකිරීම, අත්බෝම්බයක් පුපුරුවා හැර ඝාතනයට තැත්කිරීම, පොලිස් කොස්‌තාපල් ලෙස්‌ලි කුමාර හෙට්‌ටිආරච්චි යන අයට අත්බෝම්බයක් පුපුරුවා තුවාල සිදුකිරීම හා ඝාතනය කිරීමට තැත්කිරීම, පොලිස් කොස්‌තාපල් මද්දුම ලියනගේ පියදාස යන අයට අත්බෝම්බයක් පුපුරවා තුවාල සිදුකිරීම හා ඝාතනය කිරීමට තැත් කිරීම, පොලිස් කොස්‌තාපල් රාජපක්‍ෂ විතානගේ සමරසිංහ යන අයට අත්බෝම්බයක් පුපුරවා තුවාල සිදුකිරීම හා ඝාතනය කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ 296, 300 වගන්ති අනුව නීතිපතිවරයා විසින් මෙම නඩුව පරවා තිබුණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ විශ්ව විඡේසූරිය පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් කේ. පත්මනාදන් මහතා පෙනී සිටියේය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment