BREAKING NEWS

රටතොට

Sunday, December 22, 2013

දෙමළ සන්ධානයේ ප්‍රකාශවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි-


දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශවලට සහ එම සන්ධානයේ ක්‍රියා කලාපයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ජාතික හෙළ උරුමය බලකර සිටී.

එම සන්ධානයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රටේ ව්‍යවස්ථාව සහ නීතියට අනුව කටයුතු නොකිරීම බරපතළ වරදක් බවත් එය රටේ ස්වෛරීත්වයට, රටේ ඒකීයභාවයට බරපතළ තර්ජනයක් බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජාතික ගීය හා ජාතික කොඩිය එසවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශ ගැන හෙළ උරුමය නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ.


පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට නොහැකි නම් ජාතික ගීය තමන්ට අවශ්‍ය නැති බවයි. මේ ප්‍රකාශය පැහැදිලිවම ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී බරපතළ ප්‍රකාශයකි. මක්නිසාද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදයේ ජනතාව, රජය හා පරමාධිපත්‍ය යටතේ ඍධ් වන සහ ඍධ්ධ් වන වගන්තිවල ජාතික කොඩිය සහ ජාතික ගීය ගැන පැහැදිලිව සඳහන් කර ඇත. ඒ අනුව පළමු පරිච්ඡේදයේ ඍධ් වන වගන්තියේ ශ්‍රී ලංකා ජනරජයේ 'ජාතික කොඩිය දෙවැනි උප ලේඛනයේ නිරූපිත සිංහ කොඩිය වන්නේය' සඳහන් කර ඇති අතර ඍධ්ධ් වැනි වගන්තියේ 'ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය' වන්නේය.


ජාතික ගීයේ පද මාලාව සහ සංගීතය තුන්වැනි උපලේඛනයේ දැක්වෙන්නේය. ජාතික ගීය ගායනා කරන අවස්ථාවේදී හැසිරිය යුතු ආකාරය ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් සියලු රාජ්‍ය නිලධාරීන්ට නිකුත් කර ඇති චක්‍රලේඛයක්ද ඇත්තේය. එමෙන්ම රටේ පුරවැසියන් ජාතික ගීය ගායනා කරන අවස්ථාවේ ක්‍රියා කළ යුතු ආකාරයද සඳහන් කර ඇත. එබැවින් ජනාධිපතිවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, පළාත් සභා මන්ත්‍රිවරු, පළාත් පාලන මන්ත්‍රිවරු සහ රජයේ නිලධාරීන් එයට යටත්ව අනුකූලව කටයුතු කළ යුතුය. රටේ ව්‍යවස්ථාව රටේ පාර්ලිමේන්තුවේ සිට හෝ පළාත් සභා, ප්‍රාදේශීය සභා හා පරිපාලන ක්‍ෂේත්‍රයේ උතුරේ වේවා, දකුණේ වේවා කවරෙක් හෝ අභියෝගයට ලක්කරන්නේ නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර දඬුවම් කළ මහජන නියෝජිත ආයතන නියෝජනය කිරීමට අයිතියක් නැත. රටේ ව්‍යවස්ථාව පිළිගෙන ඒ ඉදිරියේ දිවුරා කටයුතු කරන මහජන නියෝජිතයන් එයට අභියෝග කරන්නේ නම් එය උල්ලංඝනය කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමට බැඳී සිටින පාර්ලිමේන්තුවේත්, විධායකයේත් වගකීමකි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger