Tuesday, November 5, 2013
දහම් පාසල් ශිෂ්‍යයාට මත් කුඩක් දීලා...
පහළොස් හැවිරිදි දහම් පාසල් සිසුවකුට දිව යට තබාගැනීමට මත් කුඩු වර්ගයක් අලෙවි කළ මුස්‌ලිම් ජාතික වෙළෙඳසල් හිමිකරුවකු කොස්‌වත්ත පොලිසිය මගින් එම මත් කුඩු පැකට් 50 ක් සමඟ අත්අඩංගුවට ගැනීමට සමත් විය.
එම දහම් පාසලේ හිමිනමක් විසින් පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව කොට්‌ටරාමුල්ල රොබට්‌වත්ත ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු සමග මත් කුඩු පැකට් 50 අද මාරවිල දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කොස්‌වත්ත පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඔසිත ලංකා ද සිල්වාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ඡේ. එම්. එස්. ජයනාත්, පොලිස් කොස්‌තාපල්වරුන් වන (31835) පුෂ්පකුමාර, (31799) ග්‍රේටන්, කාන්තා පොලිස් කොස්‌තාපල් (1496) සුනීතා යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වූහ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment