ජපානයේ ටෝකියෝ සරසවියේ ඉංජිනේරු සිසුන් පිරිසක් සංගීතයට කැමති තරුණ පරපුර වෙනුවෙන් සිදු කළ නවතම සොයා ගැනීම හැදින්වෙන්නේ ’Z-Machines යනුවෙනුයි.
’Z-Machines සංගීත භාණ්ඩ තුනක් වාදනය කරනා සංගීත කණ්ඩායමකි. නමුත් මේ සංගීත කණ්ඩායම අපට හුරු පුරුදු වෙනත් සංගීත කණ්ඩායම් වගේ නොවෙයි. මෙහි වාදන ශිල්පීන් තිදෙනාම රොබෝවරුන්ය. මච් අසුරා සහ කොස්මෝ නම් මෙම රොබෝ් වාදකයන් තිදෙනා ඉදිරි අනාගතයේදී අභ්‍යවකාශයේ සංගීත සංදර්ශන පැවැත්වෙන සමයකදී වඩාත් කාර්යබහුල වනු ඇතැයි මෙහි නිර්මාතෘවරුන් බලාපොරොත්තු වේ. මෙහි ගිටාර් වාදන ශිල්පියාට අත් 78 ක් ඇති අතර ගිටාර් වාදන උපකාරක 12ක් එකවර භාවිතා කීරීමේ හැකියාවෙන් යුතුයි. ඩ්‍රම්ස් වාදන ශිල්පියා එකවර බෙර 21 වාදනය කීරීමට සමතෙකි. මෙම’ Z-Machines සංගීත කණ්ඩායමේ බාහිර ස්වරූපයද නූතන සංගීත කණ්ඩායම් සාමාජිකයන්ට ගැළපෙන ලෙස සකස් කිරීමට නිර්මාණකරුවන් සැලකිලිමත් වී තිබේ. වර්ණ ගන්වන ලද දිගු හිස කෙස් සහ විසිතරු ඇඳුම් ආයිත්තම් ඊට ඇතුළත්ය. මෙම ’Z-Machines සංගීත කණ්ඩායම මෙවර ටෝකියෝ නුවර නව නිපැයුම් කෞතුකාගාරයේ පැවති විශේෂ ප්‍රදර්ශනයේදී වැඩිම පේ්රක්ෂක අවධානයක් දිනාගත් නිර්මාණය විය. තාක්ෂණය සම`ග වඩාත් සමීපව කටයුතු කරන නව පරපුර හෙට දවසේදී මිනිස් සංගීත කණ්ඩායමක සංගීතය රස වී`දීමට වඩා වඩාත් උද්වේගකර සහ වේගවත් සංගීතයක් මවන රොබෝ සංගීත ශිල්පීන්ට ආකර්ෂණය වුවහොත් එයද පුදුමයක් නොවනු ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment