දිවයිනේ ප්‍රථම වතාවට අපරාධ නඩුවක් සඳහා ස්කයිප් තාක්ෂණය භාවිත කරමින් විදේශගත වී සිටින සාක්ෂිකරුවකුගේ සාක්ෂි ලබා ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කළේය.
කූට ලේඛන සකස් කොට රුපියල් කෝටි ගණනාවක් වටිනා ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් ප්රධාන පෙළේ ව්‍යාපාරිකයකුට එරෙහිව පවරා ඇති නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවකු මේ වන විට විදේශගතවී සිටින බවට කරුණු වාර්තාවීම නිසා ස්කයිප් තාක්ෂණය භාවිත කොට ඔහුගේ සාක්ෂි ලබා ගැනීමට පියවර ගන්නා ලෙසට මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා නියෝග කළේය.කොළඹ 03, ඇල්ප්‍රඩ් පෙදෙසේ පිහිටි පර්චස් 7.625ක ඉඩම් කොටස එලෙස කූට ලෙස ඔප්පු සකස් කොට ඇති බව දැනගෙන ලියාපදිංචි කිරීම සඳහා නොතාරිස්වරයකුට භාරදීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ දී එකී සාක්ෂිකරු නවසීලන්තයේ රැකියාවකට ගොස් සිටින බවට තොරතුරු අනාවරණය විය.
කොළඹ-03 ඇල්බට් ප‍්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් ප්රධාන පෙළේ ව්‍යාපාරිකයකුට එරෙහිව පවරා ඇති නඩුවක ප‍්‍රධාන සාක්ෂිකරුවකුගෙන් මෙලෙස සාක්ෂි ලබාගැනීමට නියමිත ය. ඒ මේ වනවිට ඔහු නවසීලන්තයේ රැකියාවක නිරතව සිටින බව අනාවරණය වීම හේතුවෙනි.
ඒ අනුව කොළඹ වාණිජ මහාධිකරණය සතුව ඇති වීඩියෝ පහසුකම් ලබාගෙන ස්කයිප් තාක්ෂණය ඔස්සේ එම සාක්ෂිකරුගේ සාක්ෂිය ලබාගැනීමට පියවර ගන්නා ලෙසට විනිසුරුවරයා මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.
ඒ.ජේ.ඒ අබේනායක
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment