BREAKING NEWS

රටතොට

Thursday, November 14, 2013

එජාපය චොගම් යන්නේ නෑ

කොළඹදී අද (15 දා) ආරම්භ වන පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායක සමුළුවට සහභාගි නොවීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කළ බව එජාප මහලේකම් තිස්‌ස අත්තනායක මහතා ඊයේ (14 දා) සිරිකොතදී පැවසීය.


එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සමගි බලවේගය විසින් සිරිකොතදී පවත්වන ලද මානව හිමිකම් සමුළුවට ආණ්‌ඩු පක්‍ෂයෙන් එල්ල වූ විවිධ බාධා හිරිහැර පිළිබඳව සලකා මෙම හදිසි තීරණයට එළඹි බවද හෙතෙම කීය.

මානව හිමිකම් සමුළුව යන මැයෙන් සමඟි බලවේගය විසින් ඊයේ සහ පෙරේදා (13, 14) සංවිධානය කර තිබූ ප්‍රදර්ශනය විවෘත කිරීමට පැමිණි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල රථයට පහරදීම සහ ඊයේ නායකත්ව මණ්‌ඩලය වැඩ භාරගැනීමේ උත්සවය පැවැති අවස්‌ථාවේ සිරිකොත ඉදිරිපිට විරෝධතා දැක්‌වීම නිසා පොදු රාජ්‍ය මණ්‌ඩල නායක සමුළුවට තම පක්‍ෂය සහභාගි නොවන බවද හෙතෙම කීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල රථයට පහරදීම සඳහා සිවිල් ඇඳුමෙන් සැරසී සිටි ආරක්‍ෂක අංශ නිලධාරීන් ක්‍රියා කළ බවටත් ඊයේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥණසාර හිමියන් සිරිකොතට බලෙන් කඩාවැදීමට උත්සාහ කළ බවටත් එක්‌සත් ජාතික පක්‍ෂ මහලේකම්වරයා චෝදනා කළේය.

එම දින දෙකේදී සිදුකරන ලද සියලු බාධාකිරීම්වලට විරෝධය දැක්‌වීම සඳහා මෙම තීරණය ගත් බවද ඒ මහතා කීය. පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායක සමුළුවේ ආරම්භක සමුළුවට පමණක්‌ සහභාගිවීමට එක්‌සත් ජාතික පක්‍ෂය මුලින් තීරණය කර තිබිණි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger