- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Tuesday, October 1, 2013
විදෙස් තානාපතිවරුන් හා උතුරේ ජනතාව ඉදිරියේ දිවුරුම් දීමට විග්නේෂ්වරන් සැරසෙයි
බටහිර රටවල තානාපතිවරුන්, දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් සහ උතුරේ ජනතාව ඉදිරියේ යාපනය කයිතඩිහි පවත්වන උත්සවයකදී උතුරු පළාත් සභා මහ ඇමැති සී. විග්නේෂ්වරන් දිවුරුම් දීමට සැලසුම් කර ඇත.
ජනාධිපතිවරයාට උතුරට ඇරැයුම් කර ඔහු ඉදිරියේ දිවුරුම්දීමට විග්නේෂ්වරන් මහතා සූදානම් බවට මෙයට පෙර වාර්තා වී තිබුණි.
එහෙත් ජනාධිපතිවරයා හෝ උතුරේ ආණ්‌ඩුකාරවරයා හමුවේ මහ ඇමැතිවරයා දිව්රුම්දීම සම්බන්ධව ද්‍රවිඩ සන්ධානයේ පාර්ශ්වයන් අතර අකමැත්ත පළවී ඇත.
ජනාධිපති හා ආණ්‌ඩුකාරවරයා හමුවේ දිවුරුම් දිය යුතු යෑයි නියමයක් නැතැයි ද්‍රවිඩ සන්ධානය පවසන බවද උතුරේ ආරංචි මාර්ග පවසයි.
විදෙස් තානාපතිවරුන් හා ද්‍රවිඩ ජනතාව ඉදිරියේ උතුරු පළාත් සභා මහ ඇමැති දිව්රුම්දීමට සැලසුම් කිරීමෙන් එම සභාවේ කටයුතු ජාත්‍යන්තරකරණය කිරීමට ක්‍රියා කරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
මෙම උත්සවයට උතුරේ ද්‍රවිඩ ජනතාව විශාල ලෙස ගෙන්වා ගැනීමටද ද්‍රවිඩ සන්ධානය සැලසුම් කර ඇතැයි බුද්ධි අංශවලට වාර්තා වී ඇත.
මෙතෙක් කිසිදු පළාත් සභාවක මහ ඇමැති දිවුරුම් දීමේ උත්සවයකට විදෙස් තානාපතිවරු සහභාගි වී නැත.
මේ අතර උතුරේ ආණ්‌ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි විසින් විග්නේෂ්වරන් මහතා මහ ඇමැති ලෙස පත් කිරීමේ ලිපිය නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
එහෙත් ඔහු ඉදිරියේ දිව්රුම්දීම විග්නේෂ්වරන් ප්‍රතික්‌ෂේප කර ඇත.
අති විශාල මුදලක් වැයකර ඉදිකළ උතුරේ මහ ලේකම් කාර්යාලයද මෙම 12 දා උතුරු පළාත් සභාව වෙත ලබාදීමට රජය එකඟ වී තිබේ.
මේ අතර තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධී දේශපාලකයන්ගේ නියෝජිතයන් මෙම අවස්‌ථාවට එන්නේද යන්න ගැන රජයේ නිරීක්‌ෂණයට ලක්‌වී ඇත.
මේ අතර උතුරු පළාත් සභාවේ මහ ඇමැති තනතුර සඳහා දෙමළ ජාතික සන්ධානයේ විග්නේෂ්වරන් මහතාගේ පත්වීමේ ලිපිය ඊයේ (01 දා) තමන් ඔහු වෙත භාර දුන්නේ යෑයි උතුරේ ආණ්‌ඩුකාර ජී. එච්. චන්ද්‍රසිරි මහතා "දිවයින" ට ප්‍රකාශ කළේය. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් ලිපියකින් කළ ඉල්ලීමක් අනුව මෙම පත්වීම ලබාදුන් බව හෙතෙම කීය.
මහ ඇමැතිවරයා දිවුරුම් දෙන ස්‌ථානය, දිනය හෝ කා ඉදිරියේදී ද දිවුරුම් දෙන්නේ කියා මෙතෙක් නිගමනය කර නැති බවද සුමන්තිරන් පැවසීය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment