- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Tuesday, October 15, 2013
තරුණ කාලයේදී රුසියානු ලඳුන් ආශ්‍රය කිරීම වරදක් නෙවෙයි- මාලකගේ මව
මර්වින් සිල්වාගේ බිරිඳ වන ලුසිඩා විසින් මාලක සිල්වා ගැන මාධ්‍යයට අදහස් දක්වා තිබුණා.මාලක සිල්වාගේ මැරකම් හා වාහන පිළිබඳව ඇය විසින් අදහස් දක්වා තිබූ අතර රාත්‍රී සමාජශාලා වලට යෑම සාමාන්‍ය දෙයක් ලෙස බවයි පවසා තිබුනේ.
එමෙන්ම තරුණ කාලයේදී රුසියානු, යුක්‍රේන ලඳුන් ආශ්‍රය කිරීම සාමාන්‍ය දෙයක් බවත් පවසා තිබුණා.
එම සාකච්ජාව පහතින්.
දරුවන් ලැබුණේ කොයි කාලෙද?
දෙන්නම ලැබුණේ කොළඹදී. දුවයි, පුතයි. දුව දැන් ලෝයර් කෙනෙක්. විවාහකයි. දරුවෝ දෙන්නෙක් ඉන්නවා.
ඇයි දුව වැඩිය එළියට එන්නෙ නැත්තෙ?
එයාත් මම වගේ තමයි වැඩිය පේන්න ඉන්න කැමැති නෑ.
ඔබේ පුතා මාලක, මේජර්වරයකුට පහර දීමේ සිද්ධියට පස්සෙ මවක් විදියට ඔබ ඊට ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?
එයා ගැහුවේ නෑනේ. එතැන බහින්බස් වීමක් වෙලා තිබුණේ. මම හිතන්නෙ එතැන සිද්ධ වුණේ වෙන දෙපිරිසක් ගහ ගත්තු එකකට මෙයාව අහු වුණා. පුතා ඉන්න තැන වෙන කෙනෙක් ගහ ගත්තත් කියන්නේ ඔන්න මාලකගේ කට්ටිය තමයි ගැහුවේ කියලා.
අපි දන්න මාලක සිල්වා කියන චරිතය, දඩබ්බර, සෙල්ලක්කාර, චණ්ඩිකම් කරන චරිතයක්.... ඔබ මේ හැසිරීම්වලට එකඟයිද?
තරුණ කාලෙදි ඉතින් කොහොමටත් සෙල්ලක්කාරයි.
නයිට් ක්ලබ් යන එකේ, නයිට් ලයිෆ් එකක් ගත කරන එකේ, යාළුවෝ අසීමිතව ආශ්‍රය කරන එකේ වරදක් නෑ කියලද කියන්නෙ?
නෑ... ඉතින් මෙහෙමයි. ඒ මුල් කාලේ නම් ඔහු නයිට් ක්ලබ් ගියා තමයි. ඒ වුණාට දැන් නම් එහෙම නෑ. තරුණ කාලේ වුණාම ඒ වගේ දේවල් කරනවානේ.
මාලක රුසියාව, යුක්රේනය වගේ රටවල විදේශීය මිතුරියන් ළඟින් ඇසුරු කරනවාට ඔබ කැමැතියිද?
තරුණ වයසෙදි ගෑනු පිරිමි භේදයකින් තොරව ආශ්‍රය කරන එක වරදක් නෙවෙයි.
ඇමැතිතුමා මාධ්‍ය සන්දර්ශන පවත්වලා හෝටල්, මස් කඩ, කසිප්පු, තැබෑරුම් හල් වහලා දානවා. නමුත් ඔහු මාලක එක්ක සම්බන්ධ වෙලා මහා පරිමාණ මත්කුඩු ජාවාරම් සිද්ධ කරන බවට චෝදනා නැඟෙනවා. මේ චෝදනා එද්දී ඔබ මවක් බිරියක් විදියට ඒ දේවල් දරා ගන්නේ කොහොමද?
ඇත්තටම ඒ වගේ වෙලාවට මම ගොඩක් කනගාටු වෙනවා. ඒ වගේ දේවල් නැති බව මමනේ හොඳින්ම දන්නේ.
මාලකට ඇඳුම් මාරු කරනවා වගේ වාහන මාරු කරන්න තාත්තගේ ඇමැති වැටුප ප්‍රමාණවත්ද?
එයාට තියෙන්නෙ වාහන දෙකයි. අනිත් එක එයා වාහන බිස්නස් කරනවා.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment