BREAKING NEWS

රටතොට

Tuesday, October 15, 2013

ජාතික රූපවාහිනියේ ඇතුළේ ගැටුමෙන් රූපවාහිනිය අනතුරේ


ජාතික රූපවාහිනියේ ප්‍රධාන නිලධාරීන් තිදෙනා අතර ඇතිවී ඇති ගැටුමක් හේතුවෙන් රූපවාහිනී සංස්ථාව දැඩි අර්බුදකයකටය මුහුණදී ඇතැයි වාර්තාවේ. මෙම ගැටුම ඇතිවී ඇත්තේ සභාපති මොහාන් සමරනායක, අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ හා ප්‍රධාන විධායක ගාමිණී රාසපුත්‍ර  යන තිදෙනා අතරය.


අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා විසින් සභාපතිවරයාගේ බලතල කිහිපයක් 2013.09.26 දින අංක රු.වා/අ.ජ/04/10 ලිපිය මගින් ප්‍රධාන විධායක නිලධාරියා වෙත පවරා ඇත.

මෙම ලිපිය නීතිවිරෝධී බව පවසමින් සභාපති මොහාන් සමරනායක මහතා 2013. 09. 26 දින ලිපියක් නිතුකර ඇති අතර එම ලිපිය මගින් දක්වා ඇත්තේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස චද්‍රපාල ලියනගේ මහතාටත් ප්‍රධාන විධායක ලෙස ගාමිණී රාසපුත්‍ර මහතාටත් නියමිත සුදුසුකම් නැති බවය.

දේශපාලන පත්වීම් ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරන ලද මේ තිදෙනා මේ වනවිට ප්‍රසිද්ධ රැස්වීම්වලදී බැණ ගැනීමට තරම් තත්වයකට පත්ව සිටී. මේ තත්වය හේතුවෙන් රූපවාහිකියේ දෛනික කටයුතු කරගෙන යෑමද අර්බුදයකට ලක්වී ඇත.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger