ශ‍්‍රී ලංකාවේ බෞද්ධයන් මුස්ලිම්වරුන්ට හිරිහැර කර තිබෙන බවට මැද පෙරදිග ප‍්‍රකාශයට පත් කෙරෙන ‘මුස්ලිම් වර්ල්ඞ්’ නම් සඟරාවක් පල කර ඇති වාර්තාවක් සම්බන්ධයෙන් පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්චා කර ඇත.
මෙම සඟරාවේ සඳහන් සාවද්‍ය කරුණු පදනම් කරගෙන සිංහල හා මුස්ලිම් ජනතාව අතර බේදයක් ඇති කිරීමේ උත්සාහයක් බවතින බව මෙහිදී අමාත්‍යවරුන් පෙන්වා දී තිබේ.
‘මුස්ලිම් වර්ල්ඞ්’ 2013 ජූනි කලාපයේ පලවූ මෙම වාර්තාවෙන් ශ‍්‍රී ලංකාවේ බෞද්ධයන් මුස්ලිම් කාන්තාවන්ට හිරිහැර කරන බවත්, මුස්ලිම් ආගමික ස්ථානයට හානිකරන බවටත් චෝදනා කර ඇත.
මෙම වාර්තාව සම්බන්ධයෙන් දැඩි අවධානය දක්වා ඇති අමාත්‍ය මණ්ඩලය කොළඹ සිටින මැද පෙරදිග රටවල තානාපතිවරුන් කැඳවා යථාර්ථය පැහැදිලි කර දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයට උපදෙස් දී තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment