පසුගිය කාලයේ මේ රටේ සිදුහත් කුමාරයාගේ චරිතය පිළිබඳව සිනමා කෘතියක් එළිදැක්වුවා. ඒක කවුරුත් ප්‍රශ්න කිරීමකට ලක් නොකළත් ඒ සිනමා කෘතිය නිර්මාණය කළේ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයකින් මුදල් යොදවලා. ඒ සිනමා කෘතියේ සැබෑ අධ්‍යක්ෂකවරයා ඔය පෙනී සිටින අධ්‍යක්ෂකවරයා නොවේ. චන්ද්‍රන්රත්නම් කියලා අධ්‍යක්ෂකවරයෙක් තමයි ඒ සිනමා කෘතිය අධ්‍යක්ෂණය කළේ.
ඒ චිත්‍රපටය බලපු දහම් පාසල් දරුවන් කියනවා දහම් පාසලෙන් අපේ සිත් තුළ ජනිත කරපු සිදුහත් කුමාරයට වඩා මේ චිත්‍රපටියේ පෙන්වන සිදුහත් කුමාරයා රූපමය වශයෙන් නෙවෙයි, නමුත් චරිතයක් හැටියට ලොකු වෙනසක් දැනෙනවා කියලා. ඒක තේරෙන්නේ දහම් පාසල් ගිය දරුවන්ට. පාසල් නොගිය දරුවන් ඒක තේරුම් ගනී කියලා මම හිතන්නේ නැහැ. අපේ ඇතැම් ගරු කටයුතු භික්ෂුන් වහන්සේලාත් ඒ සිනමා කෘතිය නරඹලා යම් යම් ඇගයීම් කරලා තිබුණා. මම විශ්වාස කරනවා ඒ චිත්‍රපටය ඒ ආසියානු පදනමද කොහෙද ඒ එන්.ජී.ඕ. එකේ නම. ඒවායෙන් සල්ලිදීලා ඒ සිදුහත් චරිතය පිළිබඳව අපේ දරුවන්ට තියෙන භක්තිවන්ත හැඟීම වැඩිවන ආකාරයේ සිනමා කෘතියක් නොවේ මේක අඩු වන ආකාරයේ සිනමා කෘතියක්.
අපට පෙනෙන්නේ එවන් චිත්‍රපට පවා යහපත් අරමුණෙන් නිර්මාණය වන චිත්‍රපට හැටියටයි. එහෙත් බොහොම සියුම්ව කරුණු හරියට හොයල බැලුවොත් තේරෙනවා මේක ඇතුළේ වෙන උවමනාවල් නියෝජනය වෙනවා කියලා. බෞද්ධ සාහිතයේ කවදාවත් අපේ දරුවෝ අහපු නැති දේවල් ඒ චිත්‍රපටයේ තියෙනවා. සමහර වදන්, අදහස් හුවමාරුකර ගැනීම ආදී. ඉතින් කොහොම වුනත් මේක දැකල අපි දන්න ගෙවල් වල දරුවන් පවා ඒකේ වෙනස කිව්වා .ඒ විඥාණය ලැබුණේ මේ දහම් පාසලෙන්. බෞද්ධ සංස්කෘතිය අපේ දරුවන්ගේ ජීවිතවලට ඇතුළත් වන තරමටම තමයි අපේ රට රැකෙන්නේ. අපි හිතන මතන හැසිරෙන මේ සියල්ල අපිට තීරණය වුනේ බෞද්ධ සංස්කෘතියට අනුකුලව. ඒ සංස්කෘතිය ඇතුළේ හැදෙන දරුවෙකුට තමයි මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කිරීමේ හැකියාව වැඩියෙන් තියෙන්නේ. මේ නිසා හැම යහපත් දේ අයහපත් දේ තෝරා බේරා ගන්න, යහපත් දේ ප්‍රවර්ධනය කරන්න, අයහපත් දේ පරද්දන්න අපේ දරුවන්නට අවශ්‍ය ඒ විඥාණය ලැබෙන්නේ දහම් පාසල් අධ්‍යාපනයෙන්....
අමාත්‍ය විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජල්තර, ශ්‍රී ධම්මික දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඉකුත්දා සහභාගී වෙමිණි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment