Saturday, July 13, 2013
වැඩ පෙන්වූ මී නාම්බා දඩකයි ...
තරුණ ගැහැනු ළමයින්ගේ අවධානය යොමුකර ගැනීම සඳහා අධික ශබ්දයක් නිකුත් වන සයිලන්සරයක් සවි කළ යතුරුපැදියකින් බාලිකා විදුහලක් අසළ රඟමින් සිටියදී වැලිගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාතර අතිරේක මහෙස්ත්‍රාත් මංජුල සම්පත් කරුණාරත්න මහතා සැකකරුට රුපියල් පනස් හත් දහස් පන්සියයක දඩයක් නියම කළේය.
මෙසේ දඩ මුදල් නියම කෙරුණේ වැලිගම හේන්වල පදිංචි 18 හැවිරිදි තරුණයකුටය.
මුල් අකෘතිය වෙනස් කළ යතුරුපැදියක් ධාවනය කිරීම, රියැදුරු බලපත්‍රයක් නොමැති වීම, ආරක්ෂිත හිස්වැසුමක් නොමැති වීම, අධික වේගයෙන් යතුරුපැදිය පැදවීම, පොලිස් අණ නොතකා පලායෑම ආදී චෝදනා රැසක් යටතේ සැකකරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
වැලිගම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් සනත් ජයසේකර (57417), පොලිස් කොස්තාපල් උපාලි ගුණසේකර (19086) යන මහත්වරුන් වැටලීම කර ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment