BREAKING NEWS

රටතොට

Saturday, July 13, 2013

මිනිසුන් දෙදෙනකු ගොළු කාන්තාව බලහත්කාරයෙන් දූෂණය කළහ.


රන්සෑගොඩ බෙරලිය අතුර ප්‍රදේශයේ ජීවත් වන ගොළු පවුලකට මුහුණ පෑමට සිදුවූ ශෝචනීය සිද්ධියක් අපට වාර්තා විය. ඔවුනට වයස අවුරුදු පහක පිරිමි ළමයෙක් සිටියි. එම ළමයා වැඩිපුර සිටින්නේ තම ආච්චි අම්මාගේ නිවෙසේය. මවටත් පියාටත් කතා කළ නොහැකි නිසා ළමයා කැමැති ආච්චි අම්මාගේ නිවෙසේ සිටීමටය.
පසුගිය දිනෙක ගොළු පියා සහ දරුවා අසල නිවෙසක පැවැති පිරිත් ගෙදරකට සහභාගි විය. ගෙදර සිටියේ ගොළු කාන්තාව පමණි.



වේලාව රාත්‍රි 11 පමණ විය. ගොළු කාන්තාවගේ නිවෙසේ ‍ෙදාරට සහ ජනේලයට කිසිවකු තට්ටු කරන ශබ්දය ඇසිණි. තම සැමියා පැමිණ ඇතැයි සිතූ ඇය ‍ෙදාර හැරියාය.

සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. අඳුරේම පැමිණි මිනිසුන් දෙදෙනකු ගොළු කාන්තාව අල්ලා බදාගෙන නිවෙසේ ඉදිරිපස කාමරයට රැගෙන ගොස් බලහත්කාරයෙන් දූෂණය කළහ. කාන්තාව කෑ ගැසුවද ශබ්දයක් පිට නොවීම නිසා කිසිවකු උදව්වට පැමිණියේද නැත. පිරිත් ගෙදර ගිය සැමියා සහ පුතා අලුයම් කාලයේ නිවෙසට පැමිණෙන විට දූෂකයෝ පැන ගොස් තිබිණි. කාන්තාව තම ස්වාමි පුරුෂයාට සිදුවුණු දේ විස්තර සහිතව කීවාය. පසුදා උදේම තම මවටද සිදු වූ සියලු දේ කීවාය. මෙම සාහසික ක්‍රියාවට සම්බන්ධ වූවෝ කවුරුන්ද යන්න සැකහැර දැන ගත්තාය. කඹුරුපිටිය පොලිසියට ගිය ඔවුන් පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

පොලිසිය පැමිණ පරීක්ෂණ ඇරැඹීය. ගොළු පවුල ජීවත් වූ නිවෙස අසල පදිංචි 34 හැවිරිදි විවාහකයකු හා 17 හැවිරිදි අවිවාහක තරුණයකු පොලිස් අත්අඩංගුවට පත්විය. පළමු සැකකරුගේ බිරිය මීට මාස දෙකකට ඉහතදී ඔහු අතහැර ගොස් තිබිණි.

පොලිසිය මඟින් සැකකරුවන් දෙයියන්දර මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු එන්.ජී. ප්‍රියදර්ශනී මෙනෙවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම විය. ගොළු කාන්තාව වෛද්‍ය පරීක්ෂණය සඳහා කඹුරුපිටිය  රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger