BREAKING NEWS

රටතොට

Saturday, July 13, 2013


දකුණු පළාතේ ඇල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රධාන පෙළේ පාසලක හිටි හැටියේම තාවකාලික බාබර් සාප්පුවක් දමා සිසුන් 38 දෙනකුගේ කොණ්ඩා මෝස්තර පාසල තුළදීම කපා ඉවත් කිරීමට පියවර ගත් ගුරුවරුන්ට සිසු මවුපියන්ගේ ඉහළ ප්‍රශංසාවක් ලැබීමේ සිද්ධියක් අපට වාර්තා විය. සිද්ධිය සැකෙවින් මෙසේය. ඇල්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලකි, එහි සිසු දරු දැරියන් 700කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබයි. වයස 15ට වැඩි සිසු දරුවන් විවිධ කොණ්ඩ මෝස්තරවලින් පාසලට පැමිණීම පිළිබඳ පාසලේ විදුහල්පතිවරයා සහ විනය භාර ආචාර්යවරුන් කිහිප අවස්ථාවකදීම සිසුන්ට අවවාද කළත් පලක් වී නැත. එම නිසා විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හා විනය භාර ගුරුභවතුන් ක්‍ෂණික තීරණයකට එළැඹිණි.



විවිධ කොණ්ඩා මෝස්තරවලින් සැරසුණු සිසුන් 38 දෙනකු හදිසි වැටලීමේදී කොටු විය. ඔවුන් ප්‍රධාන කාර්යාලය අසලට ගෙන්වා නියෝජ්‍ය විදුහල්පතිවරයා තවකෙකුට දුරකතන ඇමැතුමක් ලබාදී වහාම පාසලට පැමිණෙන ලෙස පැවැසීය. විනාඩි කිහිපයක් ඇතුළත උපකරණ කිහිපයක් දමාගෙන යතුරුපැදියෙන් පාසල තුළට පැමිණියේ කරණවෑමියෙකි.

රුපියල් 50 බැගින් එක් අයකුගෙන් අයකර කොණ්ඩය කොට කිරීමට ගිවිසගත් කරණවෑමියා පැය එකහමාරක් තුළ සිසුන් 38 දෙනකුගේ කොණ්ඩය කැපීමට සමත් විය. මුදල් ගෙවීම පිළිබඳ දරුවන්ට උපදෙස් දුන් විදුහල්පතිවරයා ඒ අවස්ථාවේදීම මුදල් ගෙවන්නේ නම් රුපියල් 45 බැගින් ගෙවීමට හැකි බවද නොඑසේ නම් රුපියල් 50ක් ගෙවිය යුතු බවද පැවසීය.

ඊට පසුවදා පාසලේ ගේට්ටුව අසල නියෝජ්‍ය විදුහල්පතිවරයා සිටින අවස්ථාවේදී සරමක් කොටට ඇඳ, පාපැදියකින් පැමිණි වැඩිහිටියකු පා පැදිය පසෙකට දමා එක් වරම නියෝජ්‍ය විදුහල්පතිවරයා දෙසට දිව එන්නට විය. නිසි පරිදි සරම සකසා ගත් ඔහු දෑත් එක්කොට ආචාර කරමින් "අනේ සර් කොහොමද අර කොල්ලන්ගේ කොණ්ඩේ අර තරම් ලස්සනට කපන්න පුළුවන් වුණේ. අම්මලා තාත්තලාටත් බැරි දෙයක් තමයි මේ කරලා තියෙන්නේ" බොහොම ස්තුතියි මේ කරපු වැඩේට. යැයි ස්තුති කර පාසලෙන් නික්ම ගියේය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger